Wednesday, June 24, 2015
මහ රෑ නිවෙස්වලට රිංගා කතුන්ගේ ලස්සන බැලූ කළු කුමාරයා පොලිස් කූඩුවේ !!!!
රාත‍්‍රි කාලයේ නිවාසවලට ඇතුළුවී කාන්තාවන් නිදා සිටින අයුරු නරඹමින් ඔවුන්ගේ සිරුරු අතපත ගෑ තරුණයෙක් හිනිඳුම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගියදා අලූයම් කාලයේ මෙම පුද්ගලයා තලංගල්ල ප‍්‍රදේශයේ නිවාස පහකට පමණ මෙලෙස ඇතුළුවී ඇති අතර අලූයම කොට කලිසමක් හා කළු කමිසයකින් සැරැුසී ප‍්‍රදේශයෙන් පලායෑමට තැත් කරද්දී ගම්වාසීන් අල්ලා හිනිඳුම පොලීසියට භාරදී ඇත.
අත්අඩංගුවට පත් මෙම තරුණයා වයස අවුරුදු විසිතුනක පමණ පුද්ගලයකු වන අතර ඔහු දෙල්ලව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා පොලොන්නරුවේ සිට බසයකින් පැමිණ දෙල්ලව පිහිටි සිය නිවෙසට යෑමට බස් රථයක් නොමැතිකමින් තලංගල්ල ප‍්‍රදේශයේ සිට ඇති අතර පසුව මධ්‍යම රාත‍්‍රියේ මෙලෙස නිවාස තුළට රිංගා ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇති අතර හිනිඳුම පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment