Thursday, June 25, 2015

ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර මහා මාර්ගයක්‌ හා දුම්රිය මාර්ගයක්‌ ඉදිකිරීම සිදුකිරීමට නියමිතය.



ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර මහා මාර්ගයක්‌ හා දුම්රිය මාර්ගයක්‌ ඉදිකිරීම සිදුකිරීමට නියමිතය.

ඉන්දියාවේ විරැකියා ජනගහනය මිලියන 55කි. අපේ රටේ සමස්ත ජනගහණයම මිලියන 22කි.


සීපා ගිවිසුම අත්සන් කළහොත් මාස 6 ක් යන්නට පෙර ඉන්දීය විරැකියා පෝලිම ශ්‍රී ලංකාව දෙසට හැරෙනු ඇත. ශ්‍රී ලංකාවේ බුලත්විට වෙළනේදාගේ සිට සියළු සිල්ලර වෙළඳාම් ද, බාබර්ගේ ටේලර්ගේ සහ බක්කරේගේ සිට සියළු මූලික සේවාවන් ද අඩු වියදමකින් හා බාල තත්වයෙන් මෙරටටලබාදීමට ඔවුන්ට අවසරය හිමිවේ.

ශ්‍රී ලාංකිකයන්ට සිල්ලර වෙළඳාමත් සුළු පරිමාණ සේවාවන් සියල්ලත් අහිමිවීමට ගතවන්නේ මාස 6කි.

අපේ රටේ සමස්ත ජනගහණය ඉක්මවන ඉන්දීය ජාතිකයන් ප්‍රමාණයකින් මෙරට වසාගැනීමට ගතවියහැකි වැඩිම කාලය අවුරුද්දකි. මේ සිදුවන්නට යන්නේ ඉතිහාසයේ බරපතලම සහ ආපසු හැරවිය නොහැකි පාවාදීමයි.

2015/06/21 දින දිවයින පුවත්පතේ පහත පරිදි සඳහන්ව තිබේ.

[[ මහා මාර්ගයක්‌, දුම්රිය මාර්ගයක්‌ සෑදුන විට ඉන්දියානුවන් වැඩි වශයෙන් මෙරටට පැමිණෙනු ඇත. ගුවනින් පැමිණෙද්දී මෙන් මහාමාර්ග දුම්රිය මාර්ග හරහා ඔවුන් පැමිණීම පාලනය කිරීම අපහසුය. අතර මැද දේශසීමා පිහිටුවුවද එය පාලනය කිරීම පහසු නොවනු ඇත.

දැනට ඉන්දියාව සමඟ මහාමාර්ග ඔස්‌සේ සම්බන්ධවී ඇති ආර්ථික ශක්‌තියෙන් ඉන්දියාවට වඩා අඩු රටවල් සැලකු විට ඒවාට අත්වූ ඉරණම එතරම් හිතකර නැත.

සීපා ගිවිසුම හරහා ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ විවිධ රැකියා හා කර්මාන්ත කළ හැක. මේ සියලු කරුණු සැලකීමේදී මේ මහාමාර්ග හා දුම්රිය මාර්ග සියල්ලත් සකස්‌ කළ විට තත්ත්වය තවත් බැරෑරුම් වනු ඇත. එවිට පාලනයකින් තොරව බොහෝ දේ සිදුවනු ඇත.

මේ සම්බන්ධයෙන් විරෝධය දක්‌වන්නන් පවසන්නේ මේ නව මහා මාර්ගයත් සමඟ වැඩිකල් නොගොස්‌ ඉන්දියාවේ තිස්‌වන ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත්වීම සිදුවනු ඇති බවය. ]]

No comments:

Post a Comment