Tuesday, June 9, 2015

ලස්සන වෙන්න සැත්කමක් කළ චිත්‍රපට නිළිය මරු තුරුලට!!



ආර්ති අග්‍රවාල් නම් වූ තෙළිඟු චිත්‍රපට හා දමිළ චිත්‍රපට වල රඟපෑ නිළියක් හදිසියේ මියගොස් ඇති බවට වාර්තා වනවා.ඇය විසින් ශරීරයේ ස්තූලතාවය අඩු කරගැනීමට සිදුකළ සැත්කමක් නිසා ඇති වූ ව්‍යාකූලතාවයක් හේතුවෙනුයි මෙලෙස මියගොස් ඇත්තේ.

විවාහ වී සිටි පසුව සැමියාගෙන් වෙන්වී ඇයව ඇමරිකාවේ වාසය කිරිමට ගොස් ඇත්තේ දෙමාපියන් සමගයි.

එහිදී සිදුකළ මෙම සැත්කම මගින් ශරීරයේ මේදය ඉවත් කිරිමට කටයුතු කර තිබෙනවා.

එය සිදුකිරීමෙන් පසුව කිහිප දිනකින් පසු හදිසියේ ඇතිවූ රෝගාබාධයක් නිසයි ඇය මෙලෙස මියගොස් ඇත්තේ.

ඇය විසින් මහත ශරීරය අඩුකර ගැනීමට ඉන්දියාවේදී ද වෛද්‍යවරුන් හමුවීමට ගොස් තිබෙන නමුත් ඔවුන් පවසා ඇත්තේ එයට සැත්කමක් කිරිම අපහසු බවයි.




No comments:

Post a Comment