Monday, June 29, 2015
අමුතු ලියුමක්දුන් පියුන් පොලිස් කූඩුවේ !!!!!!
හසය හැවිරිදි පාසල් සිසුවියක් පාසල ඇරී නිවෙස වෙත එනවිට යතුරුපැදියකින් පැමිණ ඇයගේ ලැම ප‍්‍රදේශය අතගා පළා ගිය ලියුම් බෙදන්නෙක් බියගම පොලිසිය මගින් පසුගිය සිකුරාදා (26) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
අතවරයට ලක්වූ එම පාසල් සිසුවිය පාසල ඇරීමෙන් පසුව නිවෙසට පයින් එනවිට මෙම සැකකාර ලියුම් බෙදන්නා යතුරුපැදියකින් දින දෙකක්ම පැමිණ පාළු තැනකදී ඇයගේ ලැම අත ගා පළාගොස් ඇතැයි කියති.
මේ සිද්ධිය සැලවූ වහාම පොලිසිය එම පාර දෙපස සිටින නිවැසියන් දැනුම්වත් කොට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.තිස් හැවිරිදි එක්දරු පියකු වන ලියුම් බෙදන්නා මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.මේ සිද්ධිය සම්බන්ධව බියගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඞී. ගරුසිංහ හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා නදීරා කලූගම්මන යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment