Saturday, June 13, 2015
13 හැවිරිදි දියණිය ගැබිනියක් කර පලාගිය නරුම පියෙක්!!
තම දියණියට ලිංගික අතවර කොට, පොලිසියට බියෙන් පලාගොස් වස පානය කර කල්මුණේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අයකු පසුගිය සියඹලාණ්‌ඩුව පොලිසිය විසින් එම රෝහලේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මෙලෙස වස පානය කර සියදිවි හානි කර ගැනීමට තැත්කර තිබුණේ සියඹලාණ්‌ඩුව ගල්අමුණ ප්‍රදේශයේ ඩී. එම්. කරුණාසේන නැමැති (32) පියෙකි.
මීට සති කිහිපයකට පෙර මොහුගේ 13 හැවිරිදි දියණිය බඩේ අමාරුවක් සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහලට ගිය පසු සිද්ධිය වෛද්‍ය පරීක්‍ෂණ වලදී හෙළිවූ අතර, ඇය දෙමස් ගැබිනියක් බව තහවුරුවී තිබේ. මේ පිළිබඳව ඇයගේ පියා සැකපිට අත්අඩංගුවට ගැනීමට සෙවීමේදී ප්‍රදේශයෙන් පලාගොස් මෙලෙස වස පානය කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කරයි.
සැකකරු කල්මුණේ අෂ්රොප් රෝහලේදී අත්අඩංගුවට ගත් අතර, ඔහු පෙරේදා මොනරාගල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 19 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මොනරාගල මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment