පාසැල් ඇරී තනිවම නිවස බලා පැමිණෙමින් සිටි 18 හැවිරිදි සිසුවියකට බලහත්කාරකම් කිරීමට තැත්කළ බස් රියදුරෙකුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ තරුණියක් පිලිබද තොරතුරු අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වනවා.
උසස් පෙළ විභාගයට සූදානමින් සිටි මෙම සිසුවියට රියදුරා විසින් අතවර කරන්න ගොස් ඇත්තේ අතුරු මාර්ගයකදී වන අතර ඔහු පැමිණ ඇත්තේ යතුරු පැදියකිනි.
පසුව මොහු තරුණිය සමීපයට පැමිණීමත් සමග ඇය විසින් ඔහුට කුඩයෙන් ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇත.
එයින් මෙල්ල නොවුණු මෙම කාමාතුරයා පසුව තරුණියට බලහත්කාරකම් කරන්න වෙර දරූ නිසාවෙන් ඔහුගේ දිව සපා කා පලාගොස් ඇත.
අනතුරුව ඇය මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කර ඇති අතර රියදුරා පැමිණි යතුරු පැදියේ අංකය ද පැමිණිල්ල සමග ඇය භාරදී ඇත.
ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ දිව පරීක්ෂා කර බැලීමේදී එහි තුවාලයක්ද තිබී ඇත.
අත්අඩංගුවට ගත් මොහු අකුරැස්ස හේනගම පදිංචි අයෙකු වන අතර පසුගිය 15 වනදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එදිනම හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කොට ඇත.

No comments:
Post a Comment