Monday, June 29, 2015

කාන්තාවන් මරා මස් කෑ නරුමයා.....


කාන්තාවන් මරා මස් කෑ නරුමයා
මිනිසුන් මරා ඔවුන්ගෙ මස් අනුභව කරන මිලේච්ජයන් සිටියේ ඈත අතීතයේය. වර්තමානයේදී නම් එවැනි මිල්ච්ජයන් සිටින්නේ ප්‍රබන්ධ කතාවලය... නැතිනම් ඩැකියුලා වර්ගයේ චිත්‍රපටවලය. එහෙත් 2012 වසරෙදී එවැනි ම්ලේජයෙක් ගැන අසන්නට ලැබුණු අතර ඉන් මුළු ලොකයම අතිශය භිතියටත් කම්පාවටත් පත්විය
විකෘති මානසිකත්වයක් සහිත මෙම මිලේජයා බ්‍රසීල ජතිකයෙකි. ඔහුට මෙම තිරිසන් ක්‍රියාව සිදුකිරීම සඳහා කාන්තවන් දෙදෙනෙකුගේ උදවු ලැබුණු අතර එක් කාන්තාවක් ඔහුගේ නීත්යානුකුල භාර්යාව විය අනෙක් කාන්තාව අනියම් භර්යාව විය.
ජෝර්ජ් බෙල්ට්‍රාවෝ නෙග්‍රෝමොන්ටේ ඩා සිල්වා සිය බිරිය ඉසබෙල් ක්‍රිස්ටින පිරෙස් සමග ජිවත් වුයේ බ්‍රසීලයෙ ගිනිකොන දිග වෙරළ තීරයෙ පිහිටි කුඩා නගරයක් වු ඔලින්ඩා හීදීය.
සිය බිරියට දරුවන් නොවු නිසා ඔහු පසුකාලයෙදී තමන්ට බෙහෙවින් ලාබාල බෲනා ක්‍රිසිටිනා ඔලිවෙයිරා ඩා සිල්වා නම් තරුණිය අනියම් භාර්යාව  බවට පත්කර ගත් අතර එහි විශේෂත්වය වුයේ භාර්යාව යන දෙදෙනාම ඩා සිල්වා සමග එකම නිවසේ ජීවත් වීමයි.
මෙම ගම්මානයේම ජීවත් වු ජෙසිකා පෙරෙයිරානමැති 17 හැවිරිදි තරුණියක් 2008 වසරේදී අතුරුදහන් වු අතර එය තවත් එක් සාමාන්ය අතුරුදහන්වීමක් ලෙසින් පොතේ සටහන් විය.
දෙවැනි සිද්ධිය 2011 වසරේදී වාර්තා වු අතර එවර අතුරුදහන් වුයේ ගිසෙලි ඩා සිල්වා නම් 17 හැවිරිදි වියේ පසුවු එක් දරු මවකි. ඇය සමග ඇයගෙ මාස 18 ක් වයසැති දියණියද අතුරුදන් විය.
තෙවැනි සිදුවීම 2012 වසරේදී වාර්තා වු අතර ඒද කාන්තාවකි. ඇය ඇලෙක්සැන්ඩ්‍රා ඩා සිල්වා ෆල්කාවොය.
තෙවැනි අතුරුදන් වීමත් සමගම බ්‍රසීල පොලිසිය තරමක් කලබලයට පත්වු අතර එහි ප්‍රතිපලය ලෙසින් කාන්තාවන් තිදෙනාගේම අතුරුදහන් වීම් ගැන කඩිනම් පරීක්ෂණ ආරම්භ විය.
මේ අතර ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පතක් පාවිච්චි කරමින් භාණ්ඩ මිලට ගැනීමට උත්සාහ දැරූ කාන්තාවක් පෝලිස් අතඩංගුවට පත්වු අතර වැඩිදුර පරීක්ෂණ්වලදී එම ක්‍රෙඩිට් කාඩ්පත කලකට පෙර අතුරුදහන් වු ජෙසික පෙරෙයිරාට අයත් බව අනාවරණය විය.
ඒ අනුව කාඩ්පතින් භාණ්ඩ මිලට ගැනීමට උත්සාහ කළ ඔලිවෙයිරා ගැන පෝලිස් විමර්ශන ආරම්භ විය.
ශිෂ්ට සමාජයක් කිසි ලෙසකින්වත් අනුමත නොකරන අතිශය මිලේච්ඡ ක්‍රියාදාමයක් ලොවට අනාවරණය වුයේ ඉන් පසුවය.
රැකියාවක් ලබාදෙන බව පවසා සිය නිවෙසට ගෙන්වා ගත් ජෙසිකාව තම සැමියා මරා දැමු බව ඔලිවෙයිරා පෝලිසියට පැවැසිමත් සමගම ඩා සිල්වාව අත් අඩංගුවට ගත් අතර පසුව ඔහුගේ නීත්‍යානුකුලව බිරිය ඉසබෙල්ද පෝලිස් අත් අඩංගුවට පත්විය.
අතුරුදහන් වු කාන්තාවන් තිදෙනාවම ළමයින් බලා ගැනීමේ රැකියාවන් දෙන බව පවසා වරින් වර තම නිවසේ රඳවාගත් බවත් පසුව ඔවුන්ව ඝාතනය කොට ඔවුන්ගේ මස්වලින් විවිධ කෑම වර්ග සාදා අනුභව කළ බවත් ඩා සිල්ව පෝලිස් ප්‍රස්ණ් කිරීම්වලදී පාපොච්චාරණයක් කළේය. ගිසෙලි මරා දැමීමෙන් අනතුරුව ඇයගේ මස්වලින් විවිධ කෑම වර්ග සාදා  එම කෑම ගිසෙලි ගේ අවුරුදු එකහමාරක් වයසැති දියණියටද කෑමට දුන් බව ඩා සිල්වා පසුව අධිකරනය හමුවේ පැවැසුවේ කිසිදු පැකිළීමක් නොමැතිවය.
මෙම තිරිසන් ක්‍රියා සාධාරණ්ය කරමින් ඩා සිල්වා පැවඇසුවේ තමා ලෝකය ශුද්ධ භුමියක් බවට පත්කිරිම උදෙස නිර්මාණ්ය කළ ආගමික නිකායක නායකයෙකු බවය. එම නිකායේ ප්‍රධනම අරමුණ වන්නේ ලෝක ජනගහනය පාලනය කොට ලෝකය සුරක්ෂිත තැනක් බවට පත්කිරීම බවද ඔහු පැවැසීය.
ඩා සිල්වා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ නිවෙස පරීක්ෂාවට  ලක්කළ පෝලිසියට ඩා සිල්වා විසින් ලියන ලද පිටු 50කින් යුතු පොතක් හමුවු අතර එය හදුන්වා දී තිබුණේ " භින්නොන්මාද හෙළිදරව්ව" ලෙසිනි.
තමන්ට දෙවියන් වහන්සේගේ කට හඩ ඇසෙන බවත් එවිට කාන්තාවන් ඝාතනය කිරීම සදහා යටි සිතෙන් අණ ලැබෙන බවත් ඩා සිල්වාඑම පොතේ ලිය තිබුණි. තමා අතින් ඝාතනයට ලක්වු කාන්තාවන්ගෙ මස් ආහාරයට ගැනීමෙන් සියලු පව් සේදී යන බවත් ඔහු වැඩි දුරටත් පැහැදිලි කර තිබුණි.
ඩා සිල්වා පවුල විසින් ඝාතනය කිරීමෙන් අනතුරුව ආහාරයට ගෙන ඉතිරි වු මිනිස් අවයව ඔවුන්ගේ නිවෙස පිටුපස වළදමා තිබියදී පොලිසිය විසින් සොයගත් අතර ඒවා අතුරුදහන් වු කාන්තාවන් තිදෙනගෙ බව වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරනය විය.
පොලිස් පරීක්ෂණ්වලදී අනාවරණය වු තවත් කරුණක් වුයේ ඝත්නය කළ කාන්තාවන්ගෙ මස් තමන් විසින් ආහාරයට ගැනීමෙන් පමනක් සෑහීමකට පත්නොවු ඩා සිල්වා ශ බිරියන් දෙදෙනා ඒවයින් පේස්ට්‍රි වැනි කෑම වර්ගයක් සාදා ඒවා තම අසල්වැසියන්ට පාසල්වලට සහ රෝහල්වලට පවා අලෙවි කර ඇති බවය.
ඔවුන්ගෙ එම පේස්ට්‍රි අලේවි කර ඇත්තේ කුකුළු මස් සහ මාළු පේස්ට්‍රි යනුවෙන් පවසමිනි.
හත් දෙනෙකුගෙන් යුතු ජුරි සභාවක් ඉදිරියේදී ඩා සිල්වාට සහ ඔහුගේ
බිරියන් දෙදෙනාට එරෙහිව නඩුව විභාගයට ගත් අතර දින 40ක් තිස්සේ විභාග කළ නඩුවේ තීන්දුව 2012 වසරෙදි ප්‍රකශයට පත්විය ඒ අනුව ඩා සිල්ව වසර 23ක සිර දඬුවමක් සහ බිරියට සහ අනියම් බිරියට වසර 20 බගින් සිර  දඬුවම් නියම විය. (අන්තර්ජාලය ඇසුරෙනී)



No comments:

Post a Comment