අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය පොලිස් වසමේ මාම්පූරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුවය.ඔහු 32 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කරයි.
අතවරයට ලත්ව ඇති දැරිවිය මාම්පූරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය පාසල් සිසුවියකි.
සැකකරු බිරිඳ නිවසේ නොමැති අවස්ථාවක තම දියණියට මෙම අපරාධය සිදු කර ඇති අතර දැරිවියගේ මව තම දියණියව හලාවත මහා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ ඇයව පරීක්ෂා කර ඇති අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුවී ඇති අපරාධය පිළිබදව තහවුරු කර ඇත.
ඒ අනුව හලාවත පොලීසිය විසින් කල්පිටිය පොලීසියට කරන ලද දැණුම් දීමක් මත සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කෙරේ.

No comments:
Post a Comment