Monday, June 22, 2015

මද්‍යසාර විෂ වී ඉන්දියාවේ අනූවක් මරුට





මද්‍යසාර විෂ වීමක් හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නුවර අනූවකට වැඩි පිරිසක් මරුමුවට පත් වී තිබේ.

විෂ ශරීර ගත වූ බොහෝ දෙනෙක් රෝහල් ගත වී සිටින අතර පළමු මරණය පසුගිය බදාදා වාර්තා විය.

මුම්බායි නගරයේ පැල්පත් ආශ්‍රිත ප්‍රදේශයක නිවසක් තුළ ඉහත කී විෂ සහිත මත්පැන් නිෂ්පාදනය කොට තිබේ.

එක සිය පනස් දෙනෙක් එම විෂ සහිත මත්පැන් පානය කොට ඇති බවයි මුම්බායි නගරයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.

මද්‍යසාර විෂ වීම හේතුවෙන් සිදු වන මරණ ඉන්දියාවෙන් නිතර අසන්ට ලැබෙන අතර තමන් විසින් පෙරා ගන්නා ලද ලාභදායී මත්පැන් දිළිඳු ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වේ.

No comments:

Post a Comment