Thursday, June 25, 2015

හමුදා සෙබළකුට මරණ දඬුවම



2000නොවැම්බර් නව වැනි දා යාපනය මිරුසුවිල්හිදී අහිංසක දෙමළ වැසියන් අට දෙනකු බෙලි කපා මැරූ යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ හිටපු සෙබළෙකු වූ රත්නායක මුදිනේසේලාගේ සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුලක් අද මරණ දඬුවම නියම කළේය.

යුද හමුදා LRRP නොහොත් දිගු දුර විහිදුම්  බළකායේ දෙවන පෙළ ලුතිනන්වරයකු ඇතුළු පහක් මේ නඩුවේ චෝදනා ලැබ සිටියහ.

ඉන් හතර දෙනකුට එරෙහිව චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත්වූ බව තීරණය කළ විනිසුරු මඩුල්ල ඔවුහු නිදහස් කරනු ලැබූහ.ප්‍රීති පද්මන් සූරසේන සහ ලලිත් ජයසූරිය යන මහාධිකරණ විනිසුරුවරු තීන්දුව ලබා දුන්හ.

No comments:

Post a Comment