Monday, June 29, 2015
ශී‍්‍ර ලංකාවට ජය
කාලගුණයත් සමග තරග කරමින් කාලයට වඩා වේගයෙන් ඉලක්කය හඹා ගිය ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ විනාඩි 117 කදී ලකුණු 153 ක් ලබාගනිමින් පාකිස්තානු පිලට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 7 ක ජයක් අත්කරගත්හ. මෙම ජයග‍්‍රහණයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකරගැනීමටද ශී‍්‍ර ලංකා පිලට හැකිවිය.
ඊයේ රාති‍්‍රයේ පටන් ඇදහැළෙන වර්ෂාවත් කොයි මොහොතේ වර්ෂාව ඇද හැළේවිද යන්න අවිනිශ්චිත අඳුරු අහසත් නිසා දිනයක කාලය ඉතිරි වී තිබුණත් හැකි ඉක්මනින් ජයග‍්‍රහණය අත්පත් කරගැනීම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අභිප‍්‍රාය විය. එබැවින් නිර්භය තීරණයක් ගත් ශී‍්‍ර ලංකා නායකයා කෞෂාල් සිල්වා කී‍්‍රඩාගාරයේ සිටියදී කිතුරුවන් විතානගේ ඉනිම ආරම්භ කිරීමට එවීය.දිමුත් කරුණාරත්න සිය සුපුරුදු තරගයට අවතීර්ණ වන අතරේ පාකිස්තානු පන්දු යවන්නන් ගල ග‍්‍රහයෙන් ගත් කිතුරුවන් විතානගේ හයේ පහර දෙකක් සහ හතරේ පහර 4 ක් සමගින් පන්දු 23 කදී ලකුණු 34 ක් ලබාගත්තේ ඕවර 7 කදී ශී‍්‍ර ලංකා ලකුණු සංඛ්‍යාව 49 දක්වා ඉහළ දමමිනි.ආරම්භය අඩහෝරාවකි ප‍්‍රමාද වූවත් කිතුරුවන්ගේ ප‍්‍රවේගකාරී ඉනිම නිසා විනාඩි 30 ක් ගතවීමටත් මත්තෙන් ශී‍්‍ර ලංකා පිලේ ඉලක්කය ලකුණු 100 ට අඩුවී තිබිණ.පාකිස්තානුවන් හමුවේ ටෙස්ට් ලකුණු 2911 ලබාගත්තත් පාකිස්තානයට එරෙහිව මුහුණ දුන් අවසන් ටෙස්ට් ඉනිමේදී කුමාර් සංගක්කාර පළමු පන්දුවෙන්ම දැවී ගියේය.
එහෙත් පසුපස නොබැලූ ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ජයග‍්‍රහණය ආසන්න වූ අතර ජයග‍්‍රාහී හතරේ පහරින් ළහිරු තිරිමාන්නගේ ලකුණු සංඛ්‍යාව 20 ක් වී තිබිණ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment