Thursday, June 25, 2015
මගුල්ගෙදරදී සප්පායම් වී එළිවනතුරු ගෙදර හොයලා.....
මඟුල් ගෙදරකට සහභාගිවී අධික බීමතින් පාන්දර දෙකට පමණ ගෙදර ගිය පුද්ගලයකුට උදේ වනතුරු තම නිවෙස සොයා ගැනීමට නොහැකි වූ සිද්ධියක් කලවාන ප‍්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ඔහු තම යහළුවකුගේ මංගල උත්සවයකට සහභාගී වී පාන්දර දෙක පමණ වනතුරු මිතුරන් සමග මත්පැන් පානය කර නැවත නිවෙස බලා තනිව පිටත්ව තිබේ.
ඔහුගේ නිවෙස පිහිටා ඇත්තේ කුඹුරක් මැදින් යන පාරකය. පාන්දර දෙකේ සිට අසල ඇති හැම කුඹුරකම ඇවිද උදේ වනතුරු නිවෙසට යන හරි පාර සොයා ගැනීමට ඔහුට නොහැකිව ඇත.
උදෑසන පාර සොයා ගන්නා විට ඔහුගේ ඇඟ පුරා මඩ තැවරී සපත්තු කුට්ටම කුඹුරේ එරී තිබී ඇත. පසුවදා උදෑසන ඔහුගේ බිරියගේ දෝස් මුර මැද ඔහු නැවත නිවසින් පිටව ඇත්තේ යළිත් මධුවිත තොල ගෑමටය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment