Sunday, June 28, 2015

හිමි නමකගේ ලේකම් මත්පෙති තොගයක් සමඟ දැලේ පිවිතුරු හෙටකට මත් පෙති


 සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුජ්‍ය හිමියන්ගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ඇතුළු සිවුදෙනෙක් ඊයේ දිනයේ එක්ටසි නම් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි අන්තර්ජාල වෙබ් අඩවි හා සමාජ ජාලා වාර්තා පල කරමින් තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් බුද්ධි ඒකකයේ කොස්තාපල්වරයෙකුද සිටිතැයි එම වාර්තාවල දැක්වෙයි.
කොළඹ කොටුවේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ගැවසෙමින් එහි යන එන අයට මත් පෙති විශේෂයක් අලෙවි කළ බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිමි නමකගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයකු බව කියන අයකු ද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ කොස්තාපල්වරයකු ද ඇතුළු සිවු දෙනකු  මත් පෙති 48ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශංක අංශය  කියයි. පෙත්තක වටිනාකම රුපියල් 3500ක් පමණ වෙතැයි ද කියයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති සඳලාල් පතිරන සමග නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර සිද්ධිය යටපත් කිරීම සඳහා දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බවද කියැවෙයි.

No comments:

Post a Comment