Monday, June 22, 2015

16 හැවිරිදි දියණිය ෆේස්බුක් එකෙන් නිරුවත් පින්තූර හුවමාරු කරලා - දඬුවම් දුන් දෙමාපියන්ට එරෙහිව පොලිසිත් ගිහිල්ලා!!


මේ වන විට තරුණ පරපුරේ බොහෝ පිරිසක් ෆේස්බුක් නිසාවෙන් විවිධ ප්‍රශ්න ඇති කරගෙන ඇති බවට දිවයිනේ නන්දෙසින් වාර්තාවන තොරතුරු අනුව පැහැදිලි වනවා. 

එලෙස ෆේස්බුක් සිය ජීවිතය කරගෙන සිටි තරුණියකට දෙමාපියන් විසින් අවවාද කිරීම හා පහර කිහිපයක් එල්ලකිරීම නිසාවෙන් උරණ වී පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවට තොරතුරක් වාර්තා වනවා. 

වැල්ලවත්ත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලබන මෙම තරුණිය විසින් ජංගම දුරකථන 10ක් පමණ භාවිතා කරමින් ෆේස්බුක් ඔස්සේ මිතුර මිතුරියන් සමඟ චැට් කර තිබෙනවා.

පසුව ඇය විසින් ෆේස්බුක් මිතුරන් සමඟින් නිරුවත් ඡායාරූපද හුවමාරු කරගෙන ඇති අතර මේ පිළිබඳව දෙමාපියන්ටද දැනගන්නට ලැබී ඇත. 

යහමින් මුදල් දෙමාපියන්ට ඇති නිසා ජංගම දුරකථන 10කින් පමණ ෆේස්බුක් භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත. 

ඇයගේ මෙම ඇබ්බැහි වීම නතරකිරීමට දෙමාපියන් ඇයව සීයාගේ නිවසේද නතර කර ඇති අතර දින කිහිපයක් ගිය පසු එම නිවසේදී ද අන්තර්ජාල පහසුකම ලබාගෙන පෙර අයුරින්ම මිතුර මිතුරියන් සමඟින් ෆේස්බුක් පරිහරණය කිරීමට ඇය කටයුතු කර ඇත.

කෙසේ නමුත් දියණියගේ පැමිණිල්ල මත පොලිසියට ගිය දෙමාපියන් ඇපමත නිදහස් කරන්නටත් ලබන 30වනදා වැඩිදුර විභාගයක් සිදුකරන්නට නියමිතය.

No comments:

Post a Comment