Tuesday, June 30, 2015

දරුවන් නැතිවීමේ වැඩි වරද පිරිමින්ගේ ?



ශුක්‍රාණුවල සෞඛ්‍ය සම්පන්න වර්ධනයට හොඳ ආහාර වේලක් අවශ්‍ය බව පෝෂණවේදීනි ඉසබෙලා ඕබර්ට් පවසන්නීය.පුරුෂයන් පස් දෙනෙකුගෙන් එක් කෙනෙකුගේ ශූක්‍ර තරළය තුල අවශ්‍ය තරම් ශුක්‍රාණු ප්‍රමාණයක් නොමැති බව වෛද්‍යවරු පවසති. සාමාන්‍යයෙන් ශුක්‍ර තරළය මිලිලීටර් එකක ශ්‍රක්‍රාණු මිලියන 15ක් තිබිය යුතු වුව ද එවැනි ප්‍රමාණයක් නැති සංඛ්‍යාව සියයට 20කි.

විවාහපත් ජෝඩු හයකින් එක් ජෝඩුවකට දරු සම්පත් නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ ද පිරිමින්ගේ ශුක්‍ර තරලයේ අඩු ශුක්‍රාණු ප්‍රමාණයක් තිබීම හෝ දුර්වල මට්ටමේ ශුකාණු තිබීමයි.
කෙසේ වෙතත් ඕබර්ට් මහත්මිය පර්යේෂණයක් මගින් පෙන්වා දි ඇත්තේ පුරුෂයන්ගේ ශුක්‍රාණුවල තත්වය එහි ප්‍රමාණයට වඩා වැදගත් බවයි.

මේ දුර්වලතාවට ප්‍රධාන හේතුව වන්නේ දුර්වල පෝෂණය, දුම්බීම සහ පරිසර දූෂණය, සහ ශරීරය තුල ඇති දුර්වල විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලියයි.
කරල් බෝග ධාන්‍ය වල සිට කළු චොකලට් දක්වා පුරුෂ සඵලත්වයට හොඳම ආහාර ලෙස පර්යේෂණ මගින් තහවුරුකර තිබේ.
තක්කාලිවල අඩංග ලයිකොපේන් මගින් ශුක්‍රාණුවල පිහිනීමට ඇති හැකියාව වඩාත් ශක්තිමත් කරයි.
වෝල්නට් ඔමෙගා තුන මේද අම්ලයෙන් පොහොසත්ය. ඉන් ශුක්‍රාණුවල පිහිනිමට ඇති හැකියාව, එහි ප්‍රමාණය සහ හැඩය සුරැකිව තබා ගැනීමට උපකාරිවේ. මේවා රුධිරයේ සීනි මට්ටම පාලනයටද උපකාරිවේ.
වට්ටක්කා ඇට සින්ක් නැමැති ලෝහයෙන් අනුනය. එමගින් ශුක්‍රාණු වර්ධනය සහ ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනයට මහඟු දායකත්වයක් ලබාදේ.
මයිසුර් පරිප්පුවල ෆෝලේට් නැමැති සංයෝගය අඩංගුය. එනම් ස්වාභාවික ෆෝලික් ඇසිඩ්ය. මෙය පුරුෂයන්ගේ මෙන්ම ස්ත්‍රීන්ගේ දා සරුබව වැඩිකිරීමට උපකාරීවන්නකි.

මෙම ආහාරයේ ප්‍රෝටීන් සහ කෙඳිති වලින් පරිපුර්ණය වේ.
නිල් පැහැති බෙරිවල අඩංගු රසායනිකයක් ශුක්‍රාණුවල පිහිනීමේ හැකියාව සහ එහි තත්වය වර්ධනය කරණ බව පෙන්වාදි තිබේ.ඇති තරම් පිරිසිදු ජලය පානය මගින් ශුක්‍රාණු ගණනය වැඩි කල හැකි සරළම ක්‍රමයයි.
දෙළුම් කෑමෙන් ශුක්‍රාණුවල තත්ත්වය වඩාත් ගුණාත්මක කරයි.
කළු පැහැති චොක්ලට්වල අඩංගු ඇමයිනෝ අම්ල වලින් ශුක්‍රාණුවල විසර්ජන ධාරිතාව, ඒවායේ ගණනය සහ පිහිනීමට ඇති හැකියාව ඉහළ දමයි.

පුදුම සතෙක් හමුවෙයි



ලොව සිටි වඩාත් අරුම පුදුම සත්ත්වයාගේ රුව අවසානයේ සම්පූර්ණ කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇතැයි විද්‍යාඥයෝ කියති. හළුසිගේනියා නමින් හැඳින්වූ මේ ඉතා කුඩා මුහුදු ජීවියා අදින් අවුරුදු කෝටි 50ට පමණ පෙර පෘථිවිය මත ජීවත් වූ බව ද ඔවුහු කියති.

කලින් හමුවූ ෆොසිල සියල්ල හමුවී තිබුණේ සත්ත්වයාගේ හිස නොමැතිවය. එසේ වුව ද පසුගිය දිනක කැනඩාවේ බර්ගේස් හි ගල්පොතු අතර තිබී හමුවූ ෆොසිලයක හිස කොටසත් තිබිණි. එය අමුතුම ආකාරයේ හිසකි.කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මාර්ටින් ස්මිත් පවසන්නේ හළුසිගේනියාගේ හිස විකාරරූපී බවයි. මේ සතා පිටසක්වල සිටිතැයි කියන මනංකල්පිත ජීවියකු සේ පෙනේ යැයි ද ආචාර්යවරයා කියයි.

මේ සත්ත්වයා ගැන විස්තර ජාත්‍යන්තර නේචර් සඟරාවේ විස්තර කැර ඇත. එම වාර්තාව අනුව මේ සත්ත්වයාගේ අදින් වසර 100ට පමණ පෙරදී ය.විද්‍යාඥයන් පවසන්නේ දිගින් සෙන්ටිමීටරයකටත් වඩා අඩු මේ ප්‍රාණියා හිසකෙස් ගසකටත් වඩා තුනී බවයි. සිරුර එක් පැත්තකින් සිහින්ය. සිලින්ඩරාකාර සිරුර ගාම්භීර ශක්තිමත් කශේරුකා යුගල දෙකකින් ආවරණය වී තිබෙන අතර ඉතා තුනීය. නියපොතුවලින් යුතු උපාංග මගින් අනෙක් පසින් එල්ලා වැටෙයි.

ආචර්ය මාර්ටින් පවසන්නේ මේ සත්ත්වයා පිළිබඳ පළමුවරට කරණ ලද විස්තරය වැරදි බවයි.කෙසේ වෙතත් කැනඩාවෙන් හමුවූ නව ෆොසිලය සියුම්ව ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයෙන් පරීක්ෂා කිරීමේ දී කුඩා ඇස් යුගලක් හා ඊට යටින් අර්ධ කවාකාර කොටසක් හමුවූ බව ද පර්යේෂකයෝ කියති.මේ ජීවියාගේ මුඛයේ වළල්ලක් ආකාරයේ දත් සහ උගුරේ සිට උදරය දක්වා දිවෙන තවත් දත් පෙළක් ඇති බව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. අමුතු මුඛ පිළිවෙල මගින් හළුසිජේනියා ආහාර උරාබී පසුව මේ ආහාර තම උදරයට යවා ඇතැයි විද්‍යාඥයෝ කියති.


ලෝකයේ වෙලාවට වැඩිපුර තත්පරයක්


අද මධ්‍යම රාත්‍රියේ දී ලෝකයේ වෙලාවට වැඩිපුර තත්පරයක් එක්කිරීමට ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය තීරණය කැර ඇත. පෘථිවිය තමන් වටා එක් භ්‍රමණ වාරයක් හෙවත් දිනක් සම්පූර්ණ කිරීමට දිනකට තත්ත්පර 86,400ක් ගතකරන බව සම්මුතිය වුව ද ඒ සඳහා ගත වන සත්‍ය කාලය වන්නේ තත්ත්පර 86,400.02 කි.
ඒ අනුව වරින් වර මේ දෝෂය නිවැරදි කිරීමට සිදුවෙයි. නාසා ආයතනය පවසන්නේ හිරුගේ හ සඳේ ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ක්‍රමයෙන් පෘථිවිය දිනක් සම්පූර්ණ කිරීමට ගත වන කාලය දිගුවෙමින් යන බවයි.

මෙලෙස ලෝකයේ වේලාව නිවැරදි කිරීමේ ආරම්භය සිදුවූයේ 1972 වර්ෂයේ දි ය. ඒ අනුව අවසන්වරට තත්ත්පරයක් ඔරලෝසුවට එක්කිරීම 2012 වර්ෂයේ දී සිදුකැරිණි. අද සිදුකරන වෙනස 2000 වර්ෂයෙන් පසු සිදුකරන හතරවැනි වෙනසයි.මේ වෙනස සිදුකරන්නේ අද මධ්‍යම රාත්‍රියේ දී 12.59.59 ට පසු 12.59.60 ලෙස සටහන් කර ඉන් අනතුරුව 00.00.00 ලෙස ගණනය ආරම්භ කරමිනි.

වොල්ගා කල්පනී ( අන්දරවත්තෙ ටික්කි )


මේ දවස්වල ටෙලිනාට්‍ය නරඹන සමහරු මෙයාට ටිකක් බය වෙලයි ඉන්නේ. මොකද වාහන සීස් කරාවි කියලයි. අනෙක මෙයා ඉන්නෙ අන්දරවත්තෙ. වෙලාවකට නාහෙට අහන්නෙ නැහැ. අන්දරවත්තෙ ඉන්න මෙයාට කියන්නෙ ටික්කි කියලයි. මේ ටික්කි මේ විදියට අපට
හමුවෙන්නෙ මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන දියණියෝ ටෙලි මාලාව සමගයි. එහි ටික්කි නමැති චරිතය සමග හමුවන වොල්ගා කල්පනී එක්ක කතා බහක යෙදෙමු.

 වොල්ගා ගම කොහෙද?
රාගම.
 ඉගෙන ගත්තේ?
කඳාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමරි විදුහලෙන්.
  වයස
අවුරුදු 25යි.
  ලග්නය
මකර
  පවුල් විස්තර.
අම්මයි - තාත්තයි. මමයි, අක්කයි. අක්කා විවාහවෙලා.
  ඇයි ඔබට ‘‘වොල්ගා’ කියන නම දාලා තියෙන්නේ?
මම ඉපදුනාම ලැබිලා තියෙන අක්ෂරවලට අනුව වොල්ගා කල්පනී කියන නම දාලා.

 වොල්ගා කියන නමේ තේරුම?
යුරෝපයේ තියෙන දිගම ගංගාවලූ. හැබැයි අම්මා ඒ නම දාලා තියෙන්නේ ඒ ගැන දැන ගෙන නෙවෙයි.

 වොල්ගා කොහොමද මේ කලා ලෝකයේ ගමනට අවතීර්ණ වුණේ?
පාසල් අවදියේදීම රූපවාහිනියෙ අතුරුමිතුරු ළමා වැඩසටහනට සම්බන්ධ වුණා. ප‍්‍රතිභා කියන අයියා තමයි මාව ඊට යොමු කළේ. එතැන් සිට ළමා වැඩසටහන්වලට දායක වුණා.

ජාතික රූපවාහිනියේ අතුරුමිතුරුවලින් පසුව සිරසේ රන්සිත්යාය. ස්වාධීන රූපවාහිනියේ දේදුනු හැන්දෑව සහ පසුව දෙරණ ලිට්ල්ස්ටාර් සීසන් 1 වැඩසටහන මෙහෙය වූවා. ඉන්පසුව තරුණ නිවේදිකාවක ලෙස ස්වර්ණවාහිනියේ කටයුතු කරන්න ලැබුණා. හිතට වදින එක, ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහන් කළා.

 ඊට පස්සේ රඟපෑම තෝරා ගත්තේ?
ස්වර්ණවාහිනියේ නිවේදිකාවක ලෙස සිටිය දී බුද්ධික කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ රඟපෑමට යොමුවුණා. මුලින්ම සිවගුරුනාදන් මහතා කළ ‘මුතු පලසේ’ රඟපාන්න ලැබුණා.

 නිවේදනයේ සිටි ඔබට රඟපෑම දැනුණේ කොහොම ද?
ටෙලිනාට්‍ය රඟපාලා තිබුණෙම නැහැ. නමුත් එදා මුතුපලසේ රඟපාද්දි ‘‘තිසුරි යුවනිකා’’ ලොකු සහයෝගයක් ලබා දුන්නා. මගේ හිතේ තිබුණු චකිතය නැතුව ගියා.

රඟපෑම හැර වෙන දෙයක් ගැන හිතුවේ නැද්ද?
නිවේදන කටයුතු කරද්දී ලංකාවේ හොඳම නිවේදිකාව වෙන්න උත්සාහ ගන්නවා කියලා හිතුවා. නමුත් රඟපෑම එක්ක දෛවය වෙනස් වුණා. සුජාතා නාට්‍යයේ අමන්දා, අඟුරුසිත්තම් (මොනිකා), දියණියෝ (ටික්කි), කොළඹ අහස (චතුරි) යන ජනප‍්‍රිය වූ චරිත සමග නාට්‍ය 8ක විතර රඟපාලා තියෙනවා. නමුත් මිනිස්සු දැනටත් කතා කරන්නේ ‘අපරාදේ ඔයා අමන්දිගේ චරිතෙ දිගටම කළා නම් හොඳයි’ කියලයි

අමන්දිට - සුජාතා නාට්‍යයේ නිරෝෂන් බෙහෙවින් ආදරය කරනවා. එහෙම දෙයක් සැබෑවට වුණා නම්?
කොහොමටත් මගේ පෙම්වතා ජනප‍්‍රිය තරුණ නළුවෙක් කියලා මම මේ වන විට ප‍්‍රකාශ කරලා ඉවරයි.


විවාහය ගැන තීන්දු කරලා ඉවර ද?
ඔව්. ලබන වසරේ දී එය බොහෝ විට සිදුවේවි.


අනාගත සැමියා නළුවකු වීම ගැන ඔබට හැෙඟන්නේ කොහොමද?
ඒක ඇත්තටම මට නම් වාසනාවක්. ඒ වගේම මගේ ගමනට වාසියක්. මොකද ක්ෂේත‍්‍රය ගැන දන්නා කෙනෙක් සහකරුවීම නිසා අවබෝධය පිළිබඳ ප‍්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ.


වාහන සීස් කරන ටික්කි ගැන ඔබට මොකද හිතෙන්නේ?
(රවීන්ද්‍ර විජයරත්නගේ) දියණියෝ නාට්‍ය නරඹන සමහර පේ‍්‍රක්ෂකයින් මම වාහනයක් ළඟින් යද්දි ටිකක් සැකෙන් වගේ මා දිහා බලනවා. තරංග දිසානායක අයියා නිසා තමයි මට ඒ චරිතය ලැබුණේ. සුජාතා, පබෝදා අක්කලා වගේම ශලනි සහ තිසුරිගෙන් මගේ චරිතයට ලැබෙන සහයෝගය හරි ඉහළයි. අපි පස්දෙනා අතර පුදුම බැඳීමක් තියෙන්නේ.


ඔබ රඟපෑමේ දී පිරිමි චරිතය සඳහා හර්ෂණ විතරයි තෝරා ගන්නේ කියන කතාව ඇත්තද?
එහෙම නැහැ. හර්ෂණ, උද්දික, සංකේත්, ධනුක මේ වාගේ ගොඩාක් අය සිටිනවා. නමුත් හර්ෂණ, සංකේත්, ධනුක හොඳ මිතුරෝ.

Monday, June 29, 2015

කාන්තාවන් මරා මස් කෑ නරුමයා.....


කාන්තාවන් මරා මස් කෑ නරුමයා
මිනිසුන් මරා ඔවුන්ගෙ මස් අනුභව කරන මිලේච්ජයන් සිටියේ ඈත අතීතයේය. වර්තමානයේදී නම් එවැනි මිල්ච්ජයන් සිටින්නේ ප්‍රබන්ධ කතාවලය... නැතිනම් ඩැකියුලා වර්ගයේ චිත්‍රපටවලය. එහෙත් 2012 වසරෙදී එවැනි ම්ලේජයෙක් ගැන අසන්නට ලැබුණු අතර ඉන් මුළු ලොකයම අතිශය භිතියටත් කම්පාවටත් පත්විය
විකෘති මානසිකත්වයක් සහිත මෙම මිලේජයා බ්‍රසීල ජතිකයෙකි. ඔහුට මෙම තිරිසන් ක්‍රියාව සිදුකිරීම සඳහා කාන්තවන් දෙදෙනෙකුගේ උදවු ලැබුණු අතර එක් කාන්තාවක් ඔහුගේ නීත්යානුකුල භාර්යාව විය අනෙක් කාන්තාව අනියම් භර්යාව විය.
ජෝර්ජ් බෙල්ට්‍රාවෝ නෙග්‍රෝමොන්ටේ ඩා සිල්වා සිය බිරිය ඉසබෙල් ක්‍රිස්ටින පිරෙස් සමග ජිවත් වුයේ බ්‍රසීලයෙ ගිනිකොන දිග වෙරළ තීරයෙ පිහිටි කුඩා නගරයක් වු ඔලින්ඩා හීදීය.
සිය බිරියට දරුවන් නොවු නිසා ඔහු පසුකාලයෙදී තමන්ට බෙහෙවින් ලාබාල බෲනා ක්‍රිසිටිනා ඔලිවෙයිරා ඩා සිල්වා නම් තරුණිය අනියම් භාර්යාව  බවට පත්කර ගත් අතර එහි විශේෂත්වය වුයේ භාර්යාව යන දෙදෙනාම ඩා සිල්වා සමග එකම නිවසේ ජීවත් වීමයි.
මෙම ගම්මානයේම ජීවත් වු ජෙසිකා පෙරෙයිරානමැති 17 හැවිරිදි තරුණියක් 2008 වසරේදී අතුරුදහන් වු අතර එය තවත් එක් සාමාන්ය අතුරුදහන්වීමක් ලෙසින් පොතේ සටහන් විය.
දෙවැනි සිද්ධිය 2011 වසරේදී වාර්තා වු අතර එවර අතුරුදහන් වුයේ ගිසෙලි ඩා සිල්වා නම් 17 හැවිරිදි වියේ පසුවු එක් දරු මවකි. ඇය සමග ඇයගෙ මාස 18 ක් වයසැති දියණියද අතුරුදන් විය.
තෙවැනි සිදුවීම 2012 වසරේදී වාර්තා වු අතර ඒද කාන්තාවකි. ඇය ඇලෙක්සැන්ඩ්‍රා ඩා සිල්වා ෆල්කාවොය.
තෙවැනි අතුරුදන් වීමත් සමගම බ්‍රසීල පොලිසිය තරමක් කලබලයට පත්වු අතර එහි ප්‍රතිපලය ලෙසින් කාන්තාවන් තිදෙනාගේම අතුරුදහන් වීම් ගැන කඩිනම් පරීක්ෂණ ආරම්භ විය.
මේ අතර ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පතක් පාවිච්චි කරමින් භාණ්ඩ මිලට ගැනීමට උත්සාහ දැරූ කාන්තාවක් පෝලිස් අතඩංගුවට පත්වු අතර වැඩිදුර පරීක්ෂණ්වලදී එම ක්‍රෙඩිට් කාඩ්පත කලකට පෙර අතුරුදහන් වු ජෙසික පෙරෙයිරාට අයත් බව අනාවරණය විය.
ඒ අනුව කාඩ්පතින් භාණ්ඩ මිලට ගැනීමට උත්සාහ කළ ඔලිවෙයිරා ගැන පෝලිස් විමර්ශන ආරම්භ විය.
ශිෂ්ට සමාජයක් කිසි ලෙසකින්වත් අනුමත නොකරන අතිශය මිලේච්ඡ ක්‍රියාදාමයක් ලොවට අනාවරණය වුයේ ඉන් පසුවය.
රැකියාවක් ලබාදෙන බව පවසා සිය නිවෙසට ගෙන්වා ගත් ජෙසිකාව තම සැමියා මරා දැමු බව ඔලිවෙයිරා පෝලිසියට පැවැසිමත් සමගම ඩා සිල්වාව අත් අඩංගුවට ගත් අතර පසුව ඔහුගේ නීත්‍යානුකුලව බිරිය ඉසබෙල්ද පෝලිස් අත් අඩංගුවට පත්විය.
අතුරුදහන් වු කාන්තාවන් තිදෙනාවම ළමයින් බලා ගැනීමේ රැකියාවන් දෙන බව පවසා වරින් වර තම නිවසේ රඳවාගත් බවත් පසුව ඔවුන්ව ඝාතනය කොට ඔවුන්ගේ මස්වලින් විවිධ කෑම වර්ග සාදා අනුභව කළ බවත් ඩා සිල්ව පෝලිස් ප්‍රස්ණ් කිරීම්වලදී පාපොච්චාරණයක් කළේය. ගිසෙලි මරා දැමීමෙන් අනතුරුව ඇයගේ මස්වලින් විවිධ කෑම වර්ග සාදා  එම කෑම ගිසෙලි ගේ අවුරුදු එකහමාරක් වයසැති දියණියටද කෑමට දුන් බව ඩා සිල්වා පසුව අධිකරනය හමුවේ පැවැසුවේ කිසිදු පැකිළීමක් නොමැතිවය.
මෙම තිරිසන් ක්‍රියා සාධාරණ්ය කරමින් ඩා සිල්වා පැවඇසුවේ තමා ලෝකය ශුද්ධ භුමියක් බවට පත්කිරිම උදෙස නිර්මාණ්ය කළ ආගමික නිකායක නායකයෙකු බවය. එම නිකායේ ප්‍රධනම අරමුණ වන්නේ ලෝක ජනගහනය පාලනය කොට ලෝකය සුරක්ෂිත තැනක් බවට පත්කිරීම බවද ඔහු පැවැසීය.
ඩා සිල්වා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ නිවෙස පරීක්ෂාවට  ලක්කළ පෝලිසියට ඩා සිල්වා විසින් ලියන ලද පිටු 50කින් යුතු පොතක් හමුවු අතර එය හදුන්වා දී තිබුණේ " භින්නොන්මාද හෙළිදරව්ව" ලෙසිනි.
තමන්ට දෙවියන් වහන්සේගේ කට හඩ ඇසෙන බවත් එවිට කාන්තාවන් ඝාතනය කිරීම සදහා යටි සිතෙන් අණ ලැබෙන බවත් ඩා සිල්වාඑම පොතේ ලිය තිබුණි. තමා අතින් ඝාතනයට ලක්වු කාන්තාවන්ගෙ මස් ආහාරයට ගැනීමෙන් සියලු පව් සේදී යන බවත් ඔහු වැඩි දුරටත් පැහැදිලි කර තිබුණි.
ඩා සිල්වා පවුල විසින් ඝාතනය කිරීමෙන් අනතුරුව ආහාරයට ගෙන ඉතිරි වු මිනිස් අවයව ඔවුන්ගේ නිවෙස පිටුපස වළදමා තිබියදී පොලිසිය විසින් සොයගත් අතර ඒවා අතුරුදහන් වු කාන්තාවන් තිදෙනගෙ බව වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරනය විය.
පොලිස් පරීක්ෂණ්වලදී අනාවරණය වු තවත් කරුණක් වුයේ ඝත්නය කළ කාන්තාවන්ගෙ මස් තමන් විසින් ආහාරයට ගැනීමෙන් පමනක් සෑහීමකට පත්නොවු ඩා සිල්වා ශ බිරියන් දෙදෙනා ඒවයින් පේස්ට්‍රි වැනි කෑම වර්ගයක් සාදා ඒවා තම අසල්වැසියන්ට පාසල්වලට සහ රෝහල්වලට පවා අලෙවි කර ඇති බවය.
ඔවුන්ගෙ එම පේස්ට්‍රි අලේවි කර ඇත්තේ කුකුළු මස් සහ මාළු පේස්ට්‍රි යනුවෙන් පවසමිනි.
හත් දෙනෙකුගෙන් යුතු ජුරි සභාවක් ඉදිරියේදී ඩා සිල්වාට සහ ඔහුගේ
බිරියන් දෙදෙනාට එරෙහිව නඩුව විභාගයට ගත් අතර දින 40ක් තිස්සේ විභාග කළ නඩුවේ තීන්දුව 2012 වසරෙදි ප්‍රකශයට පත්විය ඒ අනුව ඩා සිල්ව වසර 23ක සිර දඬුවමක් සහ බිරියට සහ අනියම් බිරියට වසර 20 බගින් සිර  දඬුවම් නියම විය. (අන්තර්ජාලය ඇසුරෙනී)



අමුතු ලියුමක්දුන් පියුන් පොලිස් කූඩුවේ !!!!!!



හසය හැවිරිදි පාසල් සිසුවියක් පාසල ඇරී නිවෙස වෙත එනවිට යතුරුපැදියකින් පැමිණ ඇයගේ ලැම ප‍්‍රදේශය අතගා පළා ගිය ලියුම් බෙදන්නෙක් බියගම පොලිසිය මගින් පසුගිය සිකුරාදා (26) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
අතවරයට ලක්වූ එම පාසල් සිසුවිය පාසල ඇරීමෙන් පසුව නිවෙසට පයින් එනවිට මෙම සැකකාර ලියුම් බෙදන්නා යතුරුපැදියකින් දින දෙකක්ම පැමිණ පාළු තැනකදී ඇයගේ ලැම අත ගා පළාගොස් ඇතැයි කියති.
මේ සිද්ධිය සැලවූ වහාම පොලිසිය එම පාර දෙපස සිටින නිවැසියන් දැනුම්වත් කොට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.තිස් හැවිරිදි එක්දරු පියකු වන ලියුම් බෙදන්නා මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.මේ සිද්ධිය සම්බන්ධව බියගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඞී. ගරුසිංහ හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා නදීරා කලූගම්මන යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

ශී‍්‍ර ලංකාවට ජය



කාලගුණයත් සමග තරග කරමින් කාලයට වඩා වේගයෙන් ඉලක්කය හඹා ගිය ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ විනාඩි 117 කදී ලකුණු 153 ක් ලබාගනිමින් පාකිස්තානු පිලට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 7 ක ජයක් අත්කරගත්හ. මෙම ජයග‍්‍රහණයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකරගැනීමටද ශී‍්‍ර ලංකා පිලට හැකිවිය.
ඊයේ රාති‍්‍රයේ පටන් ඇදහැළෙන වර්ෂාවත් කොයි මොහොතේ වර්ෂාව ඇද හැළේවිද යන්න අවිනිශ්චිත අඳුරු අහසත් නිසා දිනයක කාලය ඉතිරි වී තිබුණත් හැකි ඉක්මනින් ජයග‍්‍රහණය අත්පත් කරගැනීම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අභිප‍්‍රාය විය. එබැවින් නිර්භය තීරණයක් ගත් ශී‍්‍ර ලංකා නායකයා කෞෂාල් සිල්වා කී‍්‍රඩාගාරයේ සිටියදී කිතුරුවන් විතානගේ ඉනිම ආරම්භ කිරීමට එවීය.දිමුත් කරුණාරත්න සිය සුපුරුදු තරගයට අවතීර්ණ වන අතරේ පාකිස්තානු පන්දු යවන්නන් ගල ග‍්‍රහයෙන් ගත් කිතුරුවන් විතානගේ හයේ පහර දෙකක් සහ හතරේ පහර 4 ක් සමගින් පන්දු 23 කදී ලකුණු 34 ක් ලබාගත්තේ ඕවර 7 කදී ශී‍්‍ර ලංකා ලකුණු සංඛ්‍යාව 49 දක්වා ඉහළ දමමිනි.ආරම්භය අඩහෝරාවකි ප‍්‍රමාද වූවත් කිතුරුවන්ගේ ප‍්‍රවේගකාරී ඉනිම නිසා විනාඩි 30 ක් ගතවීමටත් මත්තෙන් ශී‍්‍ර ලංකා පිලේ ඉලක්කය ලකුණු 100 ට අඩුවී තිබිණ.පාකිස්තානුවන් හමුවේ ටෙස්ට් ලකුණු 2911 ලබාගත්තත් පාකිස්තානයට එරෙහිව මුහුණ දුන් අවසන් ටෙස්ට් ඉනිමේදී කුමාර් සංගක්කාර පළමු පන්දුවෙන්ම දැවී ගියේය.
එහෙත් පසුපස නොබැලූ ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ජයග‍්‍රහණය ආසන්න වූ අතර ජයග‍්‍රාහී හතරේ පහරින් ළහිරු තිරිමාන්නගේ ලකුණු සංඛ්‍යාව 20 ක් වී තිබිණ.

Sunday, June 28, 2015

හිමි නමකගේ ලේකම් මත්පෙති තොගයක් සමඟ දැලේ පිවිතුරු හෙටකට මත් පෙති


 සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුජ්‍ය හිමියන්ගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ඇතුළු සිවුදෙනෙක් ඊයේ දිනයේ එක්ටසි නම් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි අන්තර්ජාල වෙබ් අඩවි හා සමාජ ජාලා වාර්තා පල කරමින් තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් බුද්ධි ඒකකයේ කොස්තාපල්වරයෙකුද සිටිතැයි එම වාර්තාවල දැක්වෙයි.
කොළඹ කොටුවේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ගැවසෙමින් එහි යන එන අයට මත් පෙති විශේෂයක් අලෙවි කළ බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිමි නමකගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයකු බව කියන අයකු ද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ කොස්තාපල්වරයකු ද ඇතුළු සිවු දෙනකු  මත් පෙති 48ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශංක අංශය  කියයි. පෙත්තක වටිනාකම රුපියල් 3500ක් පමණ වෙතැයි ද කියයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති සඳලාල් පතිරන සමග නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර සිද්ධිය යටපත් කිරීම සඳහා දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බවද කියැවෙයි.

Saturday, June 27, 2015

බසයේ ටිකට්ටුව ගන්න විරිදුකරුට සල්ලිදීලා



බසයේ ටිකට් කඩන කොන්දොස්තර මහතා යැයි සිතා බසයට ගොඩවූ විරිදුකරුවකුට ටිකට් ගැනීමට මුදල් දීමේ සිදුවීමක් කොළඹ නගරයේදී සිදුවිය.
සිද්ධිය මෙසේය. 
මෙම තැනැත්තිය විදේශීය කාන්තාවකි.
ඇය කොළඹ නගරයෙන් බස් රථයකට ගොඩවූයේ නාරාහේන්පිට යෑමටය. බස් රථයට ගොඩවූ ඇය ටික වේලාවක් එහි වාඩිවී සිටියේය. ඒ වනවිටත් බසයේ මගීන් පිරිසක් වූහ. රථයේ ගමන් වාරයට තව සුළු වේලාවක්ද තිබුණි.ඔය අතරතුර අර කාන්තාවද විරිදුකරුවාට රුපියල් විස්සක මුදල් නෝට්ටුවක් ලබා දුන්නාය. විරිදුකරුවා සුදු නෝනාට හොඳ විරුදු පදයක් කියන්නට විය. ටික වේලාවකින් විදුරුකරුවා බසයේ පිටුපස දොරින් බැස ගියේය.සුදු නෝනා වට පිට බලමින් ළඟ සිටි කාන්තාව දෙස බලා ”නෝ ටිකට් නෝ ටිකට්” යැයි පවසන්නට වූවාය. එහෙත් ඇය තමන්ට හරි හැටි ඉංග‍්‍රීසි නොතේරෙන නිසා යාබද අසුනක සිටි පුද්ගලයකුට මේ සිදුවීම ඇසී හෙතෙම අසලට පැමිණ සුදු නෝනා මේ කියන්නේ කුමක්දැයි විමසීය.
පසුව සුදු නෝනා තමන් මුදල් දුන්නේ බස් රථයේ ටිකට් පත ලබා ගැනීමට බව අර පුද්ගලයාට කීවාය. ළඟ සිටි සියලූ දෙනාටම කාරණය වැටහුණි. බසයේ සිටි පුද්ගලයකු හනිකට බස් රථයෙන් බැස අසල බස් රථයක සිටි විරිදුකරු කැඳවාගෙන ඇවිත් කාරණා තේරුම් කරදී ඔහු අතින් අර රුපියල් විස්සේ නෝට්ටුව නැවත සුදු නෝනාට ලබා දුන්නේ ගැටලූ සමථයකට පත්කර ගනිමිනි.

කර්මාන්තපුරයේ තටු සිඳුණු කිරිල්ලියෝ!!!!





නංගියේ වැව් ඉවුරේ රටා මවපු සුළං කුරුල්ලො ගාණට බේරේ වැව් ඉස්මත්තේ තටු ගහන කාක්කෝ ගැන නොහිතා ඉඳින්. උඹේම ගම්තුලානෙන් සෙයිලමට ඇවිත් සෙයිලමේ තාලෙට පාට ගාගත්තු වව්ල්ලූත් ඔය හිතට වින කටින්න අර අදීවි. අම්මා තාත්තා දුන්න අවවාද එහෙව් වෙලාවට මතක බණක් විතරක් වෙන්න ඇරල ජීවිතේ නොතේරෙන බණ පදයක් කරගන්න නුඹට හිතෙන්න පුළුවන්. මග වරදවා නොගන්න නම් නගේ මේ අහපන් විඳින්න හිතාපු ජීවිතේ විඳවන්න බැරි රැවටිල්ලක් නොවී යන්න හිතට ගනින්.


මේ කතාව අපට ඇහෙන්නේ රත්මලාන කර්මාන්තපුරයෙන්. ඇය මේනකා. සහෝදරයෝ තුන්දෙනයි, සහෝදරියයි ඉන්න පවුලේ මේනකා බඩපිස්සි. දින කිහිපයක වෙහෙස මහන්සියකින් පස්සෙ මේනකාව අපි සම්බන්ධ කරගන්නේ හිතවතියක මාර්ගයෙන්. ඔවුන් මාධ්‍යයට අදහස් දක්වන්න තමන්ගේ කතාව කියන්න දැක්වුවේ අධික බියක්. තමන් කොළඹ ඇවිත් ගෙවන ජීවිතේ ගැන නිර්නාමිකව හරි කියන්න එයාලා දැක්වුවෙ බයක්. අපි ලබා දෙන මුල් දුරකථන ඇමතුමේදී තමුන්ගේ කතාව අපට කියන්න කැමතියි කියන සමහරු දෙවැනි දුරකථන ඇමතුම මග ඇරියා. නමුත් අද මේ ඔබ හමුවට අප දිග හරින කතාවේ කතා නායිකාව ඇගේ කතාව ඔබට කියන්න අපව වැඩි අපහසුවකට පත් නොකරම කැමති වුණා.
ඇය මා ගමන්ගත් ති‍්‍රරෝදරියට ගොඩ වුණේ රත්මලාන මැලිබන් හන්දියේදි. කොහෙටද නංගි යන්නේ. මා ඇසු ප‍්‍රශ්නය හමුවේ ඇය සිහින් සිනහවකින් මුව සරසාගෙන, නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට යමු මිස් යයි පිළිතුරු දුන්හ.
කලූවර සිය අණසක පතුරවමින් දත්විලිස්සන්නට බලන් ඉන්න හැන්දෑවේ මම ඇයත් සමඟ මුහුදු වෙරළට ගියා. ඇය විසේකාරියක්. වෙරළ මායිමේ හැපී බිදෙන රළ අතරින් දෙපා දොවලා හිනාවෙන ඇය දැක්කම මට හිතුනේ එහෙමයි. වෙරළතීරයෙ පොල්පැළයක් හෙවණේ තිබුණු ගල්පඩියකට බරදුන්න මම ඇයට ඉඩදී බලා සිටියා. රැුල්ලේ දෙපා දොවමින් සිටි ඇය මා ඉන්න දෙසට දුවගෙන ආවේ හිනා පොකුරකින් මුව පුරවගෙන.
පුංචිකාලේ මතක් වෙනවා මිස්. ඇය සිනාසී ගත්වනම පැවසුවා.
ඉතිං කියන්නකෝ කොහොමද කොළඹ ජීවිතේ ගෙදරට වඩා හොඳයිද.
ගෙදර තරම් හොඳ තැනක් වෙන කොහෙද මිස් තියෙන්නේ. මට නම් දැන් මේ කොළඹ ජීවිතේ එපාවෙලා ඒත් කරන්න දෙයක් නැතිකමට ඉන්නේ.
මේනකාගේ අම්මා තාත්තා මොනවද කරන්නේ.
මගේ අම්මා තාත්තා වීමෝලක් කළා ඉස්සර. දැන්නම් වීමෝල විකුණලා තාත්තා අසනීප වුණාට පස්සේ ඒවට වියදම් කළේ වීමෝල විකුණපු සල්ලි. අපේ තාත්තා අපිව කාලඟටවත් අතපාන්න ඇරියෙ නැ. හුංගම පැත්තේ අපිව නොදන්න කෙනෙක් නෑ. කොයි කවුරුත් මගේ තාත්තාගේ නම කිව්වොත් අදුරනවා. තාත්තා අසනීප වෙනකොට අපි පොඩි ළමයි. අයියලා හතරදෙනයි අක්කයි නම් ඒ වෙනකොට තරුණයි. නමුත් මම පොඩියි.
තාත්තා එකතැන් වුණේ හිටිහැටියෙ. මුලින්ම දොස්තරලා කිව්වෙ කොදුඇට පෙළේ ආබාධයක් කියලා. පස්සෙ කිව්වා අංශබාගේ කියලා. කොහොමින් කොහොම හරි අන්තිමට ගෙදර තිබුණ සේසතම වියදම් වෙනකම්ම වියදම් කළා. ඒත් තාත්තාව බේරගන්න බැරිවුණා.
ලොකු අයියා, හමුදාවට බැදුණේ හිතුමනාපෙට. පහුගිය කාලේ එයත් යුද්ධෙන් මැරුණා. අනෙක් අයියලත් හිතුවක්කාරෙට කසාද බැන්දා. කසාද බඳින්න කලින්නම් කිව්වෙ අපි දෙන්නව ඒ කියන්නේ අක්කවයි මාවයි තනි කරන්නේ නෑ කියලා. ඒත් එයාලා කසාද බැඳලා මාසෙන් දෙකෙන් වෙනස් වුණා. මාසෙට සුළුවෙන් ගෙදරට උදව් උපකාර කළා. නමුත් ගෑනු ලමයි දෙන්නෙකුගේ උවමනාවන්වලට ඒ දෙන මුදල මදි. මම කොළඹ ආවේ අක්කටයි මටයි අම්මාටයි ජීවත් වෙන්න විදිහක් හොයන්න. අක්කානම් ගමේ හේනක් කරනවා. මට ඒ වැඩ කරගන්න බෑ. ඒ නිසා මම කොළඹ ආවා.
මුලින්ම මම රස්සාවට ආවෙ හෙල්පකෙනෙක් විදිහට. බෝඩිං කාමරයකුත් හොයා ගත්තා. ඒක, කුකුල් කූඩුවක් වගේ. වහින වෙලාවට එළියෙයි ඇතුළෙයි කියලා වෙනසක් නෑ .
බෝඩිමේ ඇන්ටි උදේට කිරිහොදියි පානුයි කන්න දෙනවා. දවාලට ඒ කිරිහොදි හදන්න ගත්තු පොල් කුඩුවලින් සම්බෝල හදලා කරවල බැදුමක් එක්ක බත් මුලක් දෙනවා.
කරවල බැදුමෙත් කරවල හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්. කටට රහට බත් කටක් කන්න පුළුවන් ගමේ ගියාම විතරයි.
හම්බ කරන සල්ලි ජීවත් වෙන්න මදි. ඒ නිසා මම පොඩි වැඩක් පටන් ගත්තා. පොඩි වැඩක් කිව්වට ඒක පොඩි හොරකමක්. මම ගාමන්ට් එකෙන් නූල් කෝන් ගෙදර ගෙනාවා. එහෙම ගෙනල්ල බෝඩිම කිට්ටුව තියෙන මැහුම් සාප්පුවකට විකිණුවා.
කොහොමද ගාමන්ට් එකෙන් නූල්කෝන් පන්නන්නේ. එයාලා චෙක් කරනවා නේද? බැග් එකක්වත් එළියට ගේන්න බැරි ගේට්ටුවෙන් කොහොමද නූල්කෝන් ගේන්නේ. ඇය පිළිතුරු නොදී ලැජ්ජාවෙන් වගේ හිනාවුණා.
ඔයාට සිකියුරිටි එකෙන් උදව්කරනවද නංගි.
මොහොතක් නිහඬව සිටි ඇය ආයෙත් කතා කළා.
සිකියුරිටිකාරයෝ ලොක්කන්ටම පේ වෙච්චි කට්ටිය. මිස් උන් අපට උදව් කරන්නේ නෑ.
එහෙව් එකේ නූල්කෝන් එකක් තියා ඉදිකටුවක්වත් ගේට්ටුවෙන් පන්නන්න බෑ.
මගේ හිතට ඇති වුණේ කුතුහලයක් කොහොමද ඇය ඒක කළේ. ඒ කතාවනම් දැනගන්නම වටිනවා කියලා මට හිතුණේ ඇය එය නොකියා හිනාවෙන හැටි දැක්කමයි.
මම නූල්කෝන් ගේන්නේ එයාලට පරීක්ෂා කරන්න බැරි තැනක හංගගෙන මිස්. සමහරදාට නූල්කෝන් එකක් නෙවේ, තුනක් විතර මම අරගෙන එනවා. හිතා ගන්න පුළුවන්ද. ඇය නූල්කෝන් ගේන්නේ රහස් ප‍්‍රදේශයේ සඟවාගෙන. මම හිතනවා මෙය කියවන ඔබ තේරුම් ගනීවි. ඇය නූල්කෝන් ගේන්නේ කොහොමද කියලා.
ඇවිදින්න අමාරු නැද්ද නංගි. ඔයාව කවරදාවත් අහුවෙලා නැද්ද
ගෙදරට පඩි සල්ලි යවලා බෝඩිං ගාස්තු කෑම සල්ලි ගෙව්වම අතේ පිච්චිය නැතිවෙන එක තරම් නූල්කෝන් එළියට ගේන වැඬේ අමාරු නෑ මිස්.
මම කියන දේවල්වලදි මගේ නම ලියන්නේ නෑ නේද මිස්. ඇය සැකෙන් වගේ විමසුවා. නෑ නංගි. කොහෙත්ම නෑ. හොරකම් කරන එක වරදක් තමයි. ඒත් මට ඇය ගැන ඇතිවුණේ දුකක්.
හෙල්ප කෙනෙක් විදිහට වැඩට ගිය මට අවුරුද්දක් විතර යනකොට ජුකී මැෂින් පුරුදු වුණා. ඉන් පස්සේ මම වැඩ කළේ මැෂින් ඔපරේටර් කෙනෙක් විදිහට.
මේනකාට ආදර සම්බන්ධකම් එහෙම තිබුණේ නැද්ද. ඉස්කෝලේ යන කාලේ පිරිමි ළමයෙක් එක්ක හිතවත්කමක් තිබුණා. ඒත් ගමෙන් ආවට පස්සේ ඒක මග ඇරුණා. මොකද එයා කැමති වුණේ නෑ මම කොළඹ එනවට. එහෙමයි කියලා එයා ළඟ මගේ ප‍්‍රශ්නවලට විසඳුම් තිබුණේ නෑ.
කොළඹ ආව මුල් දවස්වලදි ලියුමක් දෙකක් එව්වා. ඒත් ඒකත් පස්සෙන් පහු වෙනකොට නැවතුණා. මට සුමේද මුණගැහුණේ කොළඹ ආවට පස්සෙ. අපේ යාලූවෝ දෙන්නෙකුගේ තනියට ගිහින් මුන ගැහුණ කෙනෙක්.
නිවාඩු දවස්වලට අපි පානදුර බිච් එකට යන්න පුරුදු වෙලා හිටියා. නිර්මලාගේ තනියට මම ගියා අකිලගේ තනියට සුමේද ආවා.
අන්තිමේදි අපි දෙන්නා හිතවත් වුණා. සුමේද කළේ බිස්නස්. සුමේද මුනගැහුණට පස්සෙ එයා මගේ ඕනෑ එපාකම් හොයලා බැලූවා. සමහරදාට කෑමඑක පවා මට ගෙනත් දුන්නේ එයා. කාලයක් යනකොට හිතවත්කම ආදරයක් බවට පත්වුණා. එයා මට ආදරේ කළාද කියන්න මම දන්නේ නෑ. ඒත් මම එයාට ආදරේ කළා.
සුමේද මම වැඩට යනකොට වැඩ ඇරිලා එනකොට හෙවණැල්ල වගේ පස්සෙන් හිටියා. බිස්නස් කරනවා කිව්වට එයා කරන්නේ මොනවගේ බිස්නස් එකක්ද කියලා මම දැනගෙන හිටියෙ නෑ. දවසින් දවස එයා මට ලංවුණා. අන්තිමේදි සති අන්තේ නිවාඩුව මම එයත් එක්ක ගත කළා.
මම ගැහැනියක් වුණේ එයත් එක්ක. නුවර තානායමට ගිය ගමනෙදි. මට එයා ගැන සැක හිතුනේ නෑ. මම හිතුවා එයා මාව කසාද බඳීවි කියලා.
කසාද බඳින එක ගැන කතා කළ හැම වෙලාවෙම එයා මොකක් හරි නිදහසට කාරණයක් හොයා ගත්තා. දවසකට එයාගේ ගෙදර ප‍්‍රශ්න ගැන කිව්වා. තව දවසකට බිස්නස් එක දියුණු කරගෙන කසාද බඳිමු කිව්වා. තවත් දවසකට ගෙදරට කියන්න අමාරුයි කිව්වා.
හැමදාම එයාට මොකක් හරි හේතුවක් තිබුණා. මොනදේ වුණත් එයා මාව අතාරින බවක් තිබුණේ නෑ. එයා කිව්වෙම මාව අතාරින්නේ නෑ කියලා. ඒත් අපේ කසාදේ මග අරින්න එයා හේතු හොයන කොට මම කලබල වුණා. ඉන්පස්සේ මම එයාට කිව්වා කසාද නොබැන්දට කමක් නෑ අපි වෙනම කාමරයක් අරගෙන ජීවත් වෙමු කියලා. මට ඕන වුණේ සුමේදව කොහොම හරි කසාද බැඳලා හොඳින් ජීවත් වෙන්න.
ඇය දිග සුසුමක් පිට කරයි. ගල්බංකුව මතින් මඳක් මැත් වු ඇය නිහඬව පසුවෙයි. ඇය ලොකු රැුවටිල්ලකට හසුව ඇති බව ඇය නොකියා කියයි.
ඉතින් වෙනම කාමරේකට යන්න සුමේද කැමති වුණාද?
ඔව්.... මුල් අවස්ථාවේ බෑ කිව්වා තමයි. නමුත් දවසක් දෙකක් මම ඒ ගැනම කතා කරනකොට එයා කැමති වුණා.
කාමර කැල්ලකුත් අපි හොයා ගත්තා. සම්පූර්ණ පහසුකම් නැතත් එයාට මම උයලා පිහලා කන්න දුන්නා. එයාගේ වෙනසක් මට දැනුනේ නෑ. එයාගේ වරදක් තිබුණත් ඒ වරද පිළිගන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද සුමේද මට ආදරේ නොකරන තරමට මම සුමේදට ආදරේ කළා. ඒ නිසාම එයා කරන හුඟක් දේවල් මම ඉවසන්න පුරුදු වුණා. ඉවසනවා කියලත් අමුතුවෙන් දෙයක්නම් තිබුණේ නෑ. එයා මාව කසාද බැඳිල්ලෙන් මග අරින එක විතරයි.
ඔයාගේ කොළඹ ජීවිතේ ඔයා ඉන්නේ කොහොමද කියලා අයියලා එහෙම හොයලා බැලූවෙ නැද්ද?
අයියලා මාව බලන්න ආවා. ඒත් එයාලා හිතුවේ නෑ මම සුමේද එක්ක එකට ජීවත් වෙනවා කියලා. එයාලා හිතාගෙන හිටියෙ මම කෙල්ලෝ ටිකක් එක්ක බෝඩිං කාමරේක ඉන්නවා කියලයි. මොකද එයාල මං බලන්න අහම්බෙන් හරි ආවොත් ඒ හැම වේලාවෙම මම හිටියෙ ගාමන්ට් එකේ.
ගමේ ගියාම අම්මා අක්කා එක්කවත් මේ ප‍්‍රශ්න කිව්වෙ නැද්ද.
නෑ සුමේද ගමේ යන දවසටමයි මමත් ගමේ ගියේ. හැමදේම සාමාන්‍ය විදිහට කරගෙන යන්නයි මට වුවමනා වුණේ. ඒත් දැන් මම හැමදේම ගැන පසුතැවෙනවා.
ඒ ඇයි. සුමේද කසාදේ මග අරින නිසාද?
ඇය නිහඬය කුමක් හෝ කියාගත නොහැකි සිතුවිල්ලක පැටලි ගත්වනම මෙන් අඬන්නට ආසන්න මුහුණින් ඇය සිනාවෙන්නට උත්සහ දරයි. සිනහව දෙතොල් අතරින් රින්හා ගොස් සිනහව ඇඬුමකට අර අඳී.
ඇයි මේනකා මොකද වුණේ. එයා මට එයාගේ යාළුවෙක්ව ළංකරන්න උත්සහා කරනවා. යාළුවට අපි දෙන්නා ඉන්න කාමරේට එන්න කියලා යාළුවවයි මාවයි තනිකරලා යනවා.
එයාගේ නම මනෝජ්. ඒ මනුස්සයත් දැන් මට කරදරයක් වෙන තරමට මං පස්සේ වැටිලා. එයා හිතපු තරම් ලෙහෙසියට මට කිසිම දෙයක් ගැන හිතන්න බෑ මිස්. මම කොළඹ ගාමන්ට් එකට රස්සාවට ආවේ නැතිබැරිකමට. මටත් නොදැනිම දැං මම කරදරේක වැටුණා. මේ දේවල් මට කියන්න කෙනෙක් නෑ. කරන්න දෙයක් නෑ. ඇත්තටම මට කියන්න ඕන උණා. මිස් කියන්න, මින් පස්සෙ කොළඹ එන ගෑනු ළමයින්ට කියන්න මං වගේ අමාරුවේ වැටෙන්න එපා කියලා. අපි හිතාගෙන ඉන්න අහිංසක ආදරය මේ ගෙන්දගම් පොළොවේ හොයා ගන්න අමාරුයි.
ඇයගේ දෑස බොඳව ගොසිනි. සුසුමක් නොව සුසුම් දහසක් මැද ඇය බොහෝ දේ සඟවාගෙන ඉකිබිඳින බව පැහැදිලිය.
නොකියූ වදන් අතරේ කියන්නට උත්සහ කළ කතාව නම් ඇය මේ වන විට සුමේදගේ යහළුවාගේද ලිංගික ශ‍්‍රමිකයා වී අවසාන බව යයි මට සිතේ.
හෙට දිනයේ ඇය අතින් අතට යන මල්වට්ටියක් වීමට ඉඩ ඇත. එවන් විටක සාදුකාර දී ඇයව පුජාසනයක් මත හිඳුවන්න කිසිවෙක් සිටීද, කිසිවෙක් හමුවේද සැක සහිතය.
ජීවිතය අනුවේදනීය සිහිනයක් වනවිට ඇයට විලාප දී අඬන්නට වේද? අඬ අඬා විලාප දෙන්නට සිදුවේද? පහදා කිව නොහැක. කෙසේ වුවද පශ්චාත්තාපයක් වු ජීවිතය අබියස ඇය පසුතැවීමෙන් බලාසිටිනවා පමණය. මෙහි නම්ගම් මනක්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

සමුගැනීම ගැන සංගා කියයි




ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් (12,305) ලබාගත් පිතිකරුවා වන කුමාර් සංගක්කාර ලබන අගෝස්තු මාසයේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතය. සමුගැනීමේ තරගය සංගක්කාරගේ 134 වැනි ටෙස්ට් තරගය වනු ඇත.
මෙම තරගය අගෝස්තු මස අවසන් සතියේ කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් මහ මැතිවරණය පැවැත්වීම අගෝස්තු මස 17 වැනිදාට යෙදී තිබීමෙන් ඉන්දීය සංචාරයේ ටෙස්ට් තරග කාල සටහන වෙනස් වීමට නියමිත බැව් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද සවස පැවසීය.
මේ වන විට පාකිස්තානු පිලට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින කුමාර් සංගක්කාර එම තරගයේ තුන්වැනි දිනය වූ අද (27 වැනිදා) සවස විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළේය.
”කළින් පැවැති තේරීම් කමිටුව සමග (සනත් ජයසූරිය මහතා විසින් සභාපතිත්වය දරන ලද තේරීම් කමිටුව) මගේ පැවැති එකඟතාව වුණේ පාකිස්තානු පිලට එරෙහිව ටෙස්ට් තරග දෙකක් සහ ඉන්දීය පිලට එරෙහිව ටෙස්ට් තරග දෙකක් කී‍්‍රඩා කිරීමටයි”
”ඉතින් මා මගේ වචනය ස්ථිර කරමින් ඉන්දීය කණ්ඩායමට එරෙහිවත් ටෙස්ට් තරග දෙකක් කී‍්‍රඩා කරනවා. ඒ ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන පළමු සහ දෙවැනි ටෙස්ට් තරග දෙකයි” යනුවෙන් කුමාර් සංගක්කාර මාධ්‍ය හමුවේදී පැවසීය.
මීට පෙර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන් කියා සිටියේ ඉන්දීය පිලට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී සංගක්කාර ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවයි.
ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර මේ වන විට පස්වැනි ස්ථානය හිමිකරගෙන සිටින සංගක්කාර වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවන් අතුරින් දෙවැනි වන්නේ ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ට පමණි.





Friday, June 26, 2015

ලිංගික එකතුවීමකදී ඉක්මනින් ශුක්‍රානු පිට වීම වලක්වා ගතහැකි ක්‍රම


ලිංගික එකතුවීමකදී ඉක්මනින් ශුක්‍රානු පිට වීම වලක්වා ගත හැකි පහසුම ක්‍රම
ලිංගික එකතුවීමකදී ඉක්මනින් ශුක්‍රානු පිට වීම බොහෝ තරුණයෝ මානසික කඩා වැටීමකට ලක් වෙනවා. නමුත් එය සාමාන්‍ය තත්වයකි යම් කිසි කෙනෙකු පලමු ලිංගික එකතුවීමකදී වීනඩි දෙකක් තුනක් වීම සාමන්‍ය දෙයකි
ඒ සදහා බලපාන කාරණා
 එය පළමු හමුව වීම. ඒනිසා මානසික ඒකාග්‍රතාවය නොමැති වීමත් ප්‍රධාන වශයෙන් බලපානවා විශේෂයෙන් එවැනි මොහොතක ඇති වන කලබලය කුතුහලය ඒ සදහා බලපනවා මෙවැනි අවස්ථාවකින් පසුව බොහො තරුණයෝ කරන්නෙ නොයෙක් පෙති වර්ග භාවිතා කිරීමට හුරු විමයි. එය ඉතාමත් අනතුරු දායකයි එයින් සිදු විය හැකි ප්‍රධාන අනතුර ලිංගික අප්‍රාණිකත්වය හා පෙති වර්ග නොමතිව ලිංගිකව එකතු වීමට නොහැකි වීමයි.
කසාද බැදලා නැති කොල්ලන්ට උත්තරයක්
අපි දන්න විදිහට ඔනම තරුණයෙක් ස්වයං වින්දනයේ යෙදෙනවා එය දිනකට වරක් හෝ කිහිපවරක් වෙන්නත් පුලුවන් එය සිදුකරන විට සිදු කල හැකි යම් පුහුණුවක් ගැනඉ මේ කියන්නෙ ඔබ කලබලයෙන් ශුක්‍රාණු පිට කරල වැඩේ ඉවර කරන්නෙ නැතුව යම් විවේකී අවකාශයක මේ පුහුණුවේ යෙදෙනවානම් ප්‍රතිපල සහිතයි. ස්වයං වින්දනය කරලා සුරාන්තයට ලං වන විට අවසන් සීමවට එන්න නෝදී නතර කරන්න ඉන් පසු විනඩි කිහිපයක් ඉදල නැවත මුල සිට ස්වයං වින්දනයේ  යෙදෙන්න අඩුම තරමෙ දින 5 මෙම පුහුනුව කල යුතුවෙනව යම් ප්‍රතිපලයක් ලැබිමට දින 10 ඒක දිගට මෙය සිදුකරනවනම් ඉතාම ප්‍රතිපල සහිතයි. තවත් කරුණක්නම් ලිංගිකව එකතුවෙනවනම් සැහැල්ලුවෙන් එය ආරම්භ කිරිම වැඩි කලයක් රදවාගැනිමට පහසුයි

අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න


මේ දවස් වල කට්ටිය උඩ දාගෙන ලින්ක් share කරනවනේ එන්න එන්න අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න කියල. එත් ඔය කව්රුත් ඔයාලට ඕක කරන්නේ කොහොමද කියල කියලා දුන්නේ නැනේ. මටත් එහෙම තමයි. එත් මම දවසට ඩොලර් 30ක් 40ක් විතර ගොඩ දාගන්න විදියක් හොයා ගත්ත. මේවා ඔය ad click, survey, affiliate, ෆොරෙක්ස්, binary trading වගේ සත ගණන් වලට හිගා කන එකක්වත් ලක්ෂ ගණන් ගෙවනවා කියල ඔයාලව රවට්ටන එකක් වත් නෙවෙයි. මේකයි මේකේ කරන්න තියෙන්නේ. ලොග් ඉන් වෙලා යාලුවොන්ට invite කරන්න තියෙන්නේ. කිසිම expert දැනුමක් ඕනේ නැනේ එකට. යාලුවෝ 10කට රුපියල් 1000ක් වගේ ගෙවනවා. එච්චර අමාරු වැඩක් නෙවෙයි යාලුවනේ. ඔය facebook games වලට යාලුවෝ invite කර කර ඉන්න එකේ මේක කරන්නකෝ. නිකන්ම අතට සල්ලි නේ. මහා ලොකු වෙලාවක් යන්නෙත් නෑ.
මෙන්න සයිට් එක:  https://goo.gl/R8ygzU  https://goo.gl/R8ygzU
ලියාපදිංච් වෙන්න දැන්ම

https://goo.gl/R8ygzU

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇතැයි දේශපාලන ආරංචි කියයි.



අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇතැයි දේශපාලන ආරංචි කියයි.

පාර්ලිමේන්තු විසුරුවන අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කර ඇත.

නව පාර්ලිමේන්තුවක් සඳහා මැතිවරණය අගෝස්තු 17 වන දා පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් වූ නාම යෝජනා කැඳවීම ජූලි 6-13 තුලද පැවැත්වෙයි.



නව පාර්ලිමේන්තුව සැප්තැම්බර් 01 වැනිදා කැඳවෙනු ඇතැයිද දැනගන්නට ඇත.

Thursday, June 25, 2015

මගුල්ගෙදරදී සප්පායම් වී එළිවනතුරු ගෙදර හොයලා.....



මඟුල් ගෙදරකට සහභාගිවී අධික බීමතින් පාන්දර දෙකට පමණ ගෙදර ගිය පුද්ගලයකුට උදේ වනතුරු තම නිවෙස සොයා ගැනීමට නොහැකි වූ සිද්ධියක් කලවාන ප‍්‍රදේශයෙන් වාර්තා විය.

සිද්ධිය මෙසේය.
ඔහු තම යහළුවකුගේ මංගල උත්සවයකට සහභාගී වී පාන්දර දෙක පමණ වනතුරු මිතුරන් සමග මත්පැන් පානය කර නැවත නිවෙස බලා තනිව පිටත්ව තිබේ.
ඔහුගේ නිවෙස පිහිටා ඇත්තේ කුඹුරක් මැදින් යන පාරකය. පාන්දර දෙකේ සිට අසල ඇති හැම කුඹුරකම ඇවිද උදේ වනතුරු නිවෙසට යන හරි පාර සොයා ගැනීමට ඔහුට නොහැකිව ඇත.
උදෑසන පාර සොයා ගන්නා විට ඔහුගේ ඇඟ පුරා මඩ තැවරී සපත්තු කුට්ටම කුඹුරේ එරී තිබී ඇත. පසුවදා උදෑසන ඔහුගේ බිරියගේ දෝස් මුර මැද ඔහු නැවත නිවසින් පිටව ඇත්තේ යළිත් මධුවිත තොල ගෑමටය.

ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර මහා මාර්ගයක්‌ හා දුම්රිය මාර්ගයක්‌ ඉදිකිරීම සිදුකිරීමට නියමිතය.



ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර මහා මාර්ගයක්‌ හා දුම්රිය මාර්ගයක්‌ ඉදිකිරීම සිදුකිරීමට නියමිතය.

ඉන්දියාවේ විරැකියා ජනගහනය මිලියන 55කි. අපේ රටේ සමස්ත ජනගහණයම මිලියන 22කි.


සීපා ගිවිසුම අත්සන් කළහොත් මාස 6 ක් යන්නට පෙර ඉන්දීය විරැකියා පෝලිම ශ්‍රී ලංකාව දෙසට හැරෙනු ඇත. ශ්‍රී ලංකාවේ බුලත්විට වෙළනේදාගේ සිට සියළු සිල්ලර වෙළඳාම් ද, බාබර්ගේ ටේලර්ගේ සහ බක්කරේගේ සිට සියළු මූලික සේවාවන් ද අඩු වියදමකින් හා බාල තත්වයෙන් මෙරටටලබාදීමට ඔවුන්ට අවසරය හිමිවේ.

ශ්‍රී ලාංකිකයන්ට සිල්ලර වෙළඳාමත් සුළු පරිමාණ සේවාවන් සියල්ලත් අහිමිවීමට ගතවන්නේ මාස 6කි.

අපේ රටේ සමස්ත ජනගහණය ඉක්මවන ඉන්දීය ජාතිකයන් ප්‍රමාණයකින් මෙරට වසාගැනීමට ගතවියහැකි වැඩිම කාලය අවුරුද්දකි. මේ සිදුවන්නට යන්නේ ඉතිහාසයේ බරපතලම සහ ආපසු හැරවිය නොහැකි පාවාදීමයි.

2015/06/21 දින දිවයින පුවත්පතේ පහත පරිදි සඳහන්ව තිබේ.

[[ මහා මාර්ගයක්‌, දුම්රිය මාර්ගයක්‌ සෑදුන විට ඉන්දියානුවන් වැඩි වශයෙන් මෙරටට පැමිණෙනු ඇත. ගුවනින් පැමිණෙද්දී මෙන් මහාමාර්ග දුම්රිය මාර්ග හරහා ඔවුන් පැමිණීම පාලනය කිරීම අපහසුය. අතර මැද දේශසීමා පිහිටුවුවද එය පාලනය කිරීම පහසු නොවනු ඇත.

දැනට ඉන්දියාව සමඟ මහාමාර්ග ඔස්‌සේ සම්බන්ධවී ඇති ආර්ථික ශක්‌තියෙන් ඉන්දියාවට වඩා අඩු රටවල් සැලකු විට ඒවාට අත්වූ ඉරණම එතරම් හිතකර නැත.

සීපා ගිවිසුම හරහා ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ විවිධ රැකියා හා කර්මාන්ත කළ හැක. මේ සියලු කරුණු සැලකීමේදී මේ මහාමාර්ග හා දුම්රිය මාර්ග සියල්ලත් සකස්‌ කළ විට තත්ත්වය තවත් බැරෑරුම් වනු ඇත. එවිට පාලනයකින් තොරව බොහෝ දේ සිදුවනු ඇත.

මේ සම්බන්ධයෙන් විරෝධය දක්‌වන්නන් පවසන්නේ මේ නව මහා මාර්ගයත් සමඟ වැඩිකල් නොගොස්‌ ඉන්දියාවේ තිස්‌වන ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත්වීම සිදුවනු ඇති බවය. ]]

13 හැවිරිදි දියණිය සමග පියා ලිංගිකව එක් වෙයි


වයස අවුරුදු 13 ක් තම දියණියට බරපතල ලෙස ලිංගික අපරාධයක් සිදු කළ බව කියන පියෙකුව කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප පුත්තලම වාර්තාකරු සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය පොලිස් වසමේ මාම්පූරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුවය.ඔහු 32 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කරයි.
අතවරයට ලත්ව ඇති දැරිවිය මාම්පූරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය පාසල් සිසුවියකි.

සැකකරු බිරිඳ නිවසේ නොමැති අවස්ථාවක තම දියණියට මෙම අපරාධය සිදු කර ඇති අතර දැරිවියගේ මව තම දියණියව හලාවත මහා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ ඇයව පරීක්ෂා කර ඇති අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුවී ඇති අපරාධය පිළිබදව තහවුරු කර ඇත.

ඒ අනුව හලාවත පොලීසිය විසින් කල්පිටිය පොලීසියට කරන ලද දැණුම් දීමක් මත සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කෙරේ.

හමුදා සෙබළකුට මරණ දඬුවම



2000නොවැම්බර් නව වැනි දා යාපනය මිරුසුවිල්හිදී අහිංසක දෙමළ වැසියන් අට දෙනකු බෙලි කපා මැරූ යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ හිටපු සෙබළෙකු වූ රත්නායක මුදිනේසේලාගේ සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුලක් අද මරණ දඬුවම නියම කළේය.

යුද හමුදා LRRP නොහොත් දිගු දුර විහිදුම්  බළකායේ දෙවන පෙළ ලුතිනන්වරයකු ඇතුළු පහක් මේ නඩුවේ චෝදනා ලැබ සිටියහ.

ඉන් හතර දෙනකුට එරෙහිව චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත්වූ බව තීරණය කළ විනිසුරු මඩුල්ල ඔවුහු නිදහස් කරනු ලැබූහ.ප්‍රීති පද්මන් සූරසේන සහ ලලිත් ජයසූරිය යන මහාධිකරණ විනිසුරුවරු තීන්දුව ලබා දුන්හ.

අගනුවර (කොළඹ ) දුරාචාර ලෝකය සොයා ගිය ගමනක් .....


රෑ 10-11 පනින විට පිටකොටුවේ පාරේ කාම ලෝකය පටන්ගනී. ඒ වෙලාව අල්ලා මම මිත‍්‍ර අතුලත් සමග පිටකොටුව අස්සේ රිංගුවෙමි. එම නිසා මේ ලිපියෙන් පුදුම හිතෙන කතා ගොඩක් ඔබ අතර මතුවනු ඇත. රාත‍්‍රියට පිටකොටුව හරහා ගමන් බිමන් යන ඔබේත්, ඔබ දන්නා අයගේත් ආරක්ෂාව පිණිස මේ වෑයම වැදගත් වනු ඇත. පිටකොටුවට -  ගණිකාවත්, ගණිකාවට - පිටකොටුවත් එකිනෙක බද්ධවී ඇති සෙයකි. උදේ සිට රෑ එළිවන තුරුම, දවස් 365ම මේ වලංගු කතාවකි. මේ දැන් පිටකොටුවට ගියත්  ඕනෑම වීදියක ගණිකාවන් ප‍්‍රසිද්ධියේ දැකගත හැකිය. මේ අය වීදි ගණිකාවෝය.

මහ දහවලේ පිටකොටුවට උරුම කංකරච්චලය රෑ 10-11 වෙනවිට නැත. තැඹිලි පාට ලයිට් එළිය අතරේ ප‍්‍රධාන පාරේ යන බස්රථ, වාහන කීපයක් හැරුණු කොට මිනිස් තදබදයක් නැත. ප‍්‍රධාන පදිකය හිස්ය. වෙළෙඳසල් වසා ඇත. මිනිස්සු යම් තරමකට හෝ රැුඳී සිටිනවා නම් ඒ ‘නයිට් කඩයක්’ ළඟ, ස්ටේසම හෝ බස් නැවතුම් හෝ අසලය. ‘නයිට් කඩයෙන්’ ස්ටේසමට, ස්ටේසමෙන් බස් නැවතුමට යන අය හැර වෙනත් ගමන් යන අය හමු නොවේ.

හැන්දෑවේ හතර - පහට එකම හිස් ගොඩක්වෙන පළමුවෙනි, දෙවනි හරස් වීදි පවා හුදෙකලා වූ පාරවල් බවට පත්වී ඇත. පළමුවැනි, දෙවැනි, හරස් වීදි අතර ඇති කුඩා අතුරු පාරවල් ‘‘කට්ට කළුවරේ’’ ගිලී ඇත. මහ දවාලේ පවා අඳුරේ ගිලූණු මේ අතුරු පාරවල් රාත‍්‍රියට සිඟන්නන්ගේ නවාතැන් පොළවල්ය.
බොහෝ විට පිටකොටුවේ සිඟන්නන් ලිංගිකව හැසිරෙන්නේ රාත‍්‍රියට අඳුරේ ගිලූණු මෙවැනි අතුරු පාරවලය. ඔවුන්ව සැකකරන්නට හෝ උන්වෙත පොලීසියෙන් කඩාපාත්වෙන්නට හෝ තරම් කාරණා නොමැත. දරු පැටවුන් නින්දට ගිය පසු බේබදු හිඟන ගෑනු, බේබදු පුරුෂයන් හා එළිමහනේ එකතුවේ. එය ඔවුන්ට අරුමයක් නැත. ඒ දකින කෙනෙකුට පුදුමයට කාරණයක්ද නොවේ. මානව අවශ්‍යතාවක් සම්පූර්ණ කර ගන්නට ගෙයක් දොරක් නැති, හෝටල් කාමරයකට වැද්ද නොගන්නා මොවුන් එය පාරේ කරනවා මිස විකල්පයක් නැත. ඒ නිසා දැක්කත් අහක බලාගෙන යනවා මිස කාටවත් කරන්නට දෙයක් නැත.

රෑ 10-11 පනින විට පිටකොටුවේ පාරේ කාම ලෝකය පටන්ගනී. ඒ වෙලාව අල්ලා මම මිත‍්‍ර අතුලත් සමග පිටකොටුව අස්සේ රිංගුවෙමි. එම නිසා මේ ලිපියෙන් පුදුම හිතෙන කතා ගොඩක් ඔබ අතර මතුවනු ඇත. රාත‍්‍රියට පිටකොටුව හරහා ගමන් බිමන් යන ඔබේත්, ඔබ දන්නා අයගේත් ආරක්ෂාව පිණිස මේ වෑයම වැදගත් වනු ඇත.
66

පිටකොටුවට - ගණිකාවත්, ගණිකාවට - පිටකොටුවත් එකිනෙක බද්ධවී ඇති සෙයකි. උදේ සිට රෑ එළිවන තුරුම, දවස් 365ම මේ වලංගු කතාවකි. මේ දැන් පිටකොටුවට ගියත්  ඕනෑම වීදියක ගණිකාවන් ප‍්‍රසිද්ධියේ දැකගත හැකිය. මේ අය වීදි ගණිකාවෝය.

ලොකුවට, ලස්සනක් නැතත් අතේ කුඩයක් පමණක් එල්ලා, මුහුණේ පවුඩර් තවරා සිටින ඔවුහු අඟ පසඟ මතුවෙන ඩෙනිම් කලිසම් හෝ ඉතා කොට සායවල් ඇඳ සිටිති.

දුර ඈත සිට එන අයටත්, විදීවිල විනාඩි කීපයක් නැවතී සිටින තරුණයන්ටත් පිරිමින්ටත් මේ උකුසු ඇස යොමුවේ. විනාඩි හතර - පහක් යනවිට මෙකී මැනීම් අවසන් වෙයි. මේ පිරිමියා තමා සමග එකට ඉන්නවාද - නැද්ද යන්න වහා ඔවුහු ග‍්‍රහණය කර ගනිති.
g
ඇසට ඇස යොමුවේ. මද සිනහව වැටේ. පිරිමියා ළඟට හිමිහිට ළංවේ. කෙළින්ම මාතෘකාවට වැටේ.

විකිණෙන ගණන් කතාකර වහා පිටත් වෙති.

කාමයෙන් පිස්සු වැටුණු හෝ ගෙදර බිරිඳගෙන් සතුටක් නැති හෝ පිරිමින්ට පුංචි මුදලකින් පහසුවෙන් ගෑනියෙක් හිමිවෙන තැන පිටකොටුව හා මරදානයි. කොහේ හෝ කාමරයකට රිංගා, නැත්නම් තමන් ඉන්නා ‘ලයින් කාමරයකට’ රිංගා පිරිමියා ඉල්ලන සතුට උපරිමයෙන් දෙන්නට මේ ගණිකාවෝ සමත් වෙති. සතුට හරියට ලැබුණොත් සමහර පිරිමි ටෙලිෆෝන් නොම්බරයද ඉල්ලාගෙන සතියකට වරක් කොටුවට ඇදෙති.

අම්පාර, මොනරාගල, මැදවච්චිය, ගිරාඳුරුකෝට්ටේ මේ ආදී රටේ හතර දිග් භාගයෙන් ‘මේ වැඬේට’ පමණක් පිටකොටු එන මිනිස්සු සිටිති. මේ අස්සේ ඇතැම් පිරිමි ආපහු යන්නේ ඇඳිවතද අහිමි අය ලෙසිනි. ඒතරමට ඔවුන් ‘හින්දන්නට’ මේ ගණිකාවෝ සමත් වෙති. දවාලට වඩා රෑට මීට වෙනස් කතා පිටකොටුව අලලා ලිවිය හැකිය.

අතුලත් මමත් පිටකොටුවේ ලයිට් නැති අඳුරු තැනක් දෙකක් අතරින් ඇදුනෙමු. පිටකොටුවේ අඳුරු තැන් බොහෝ ඇති බව පසක් වෙන්නේ රෑ මැද පිටකොටු අහුමුලූ අස්සේ ගිය විටය.

කළුවර තැන්වල හතර පස්දෙනා එකතුවී සිටිනු අඳුර විනිවිද පෙනේ. ඒ අය මොනවා කරනවාද, මොනවා කතා වෙනවාද යන්න පැහැදිලි නැත. දැක ගැනීමට ළඟට යා යුතුය. නුපුරුදු කෙනෙකුට එය අවදානමකි. දවාලේ රෝද ගෙවෙනතුරු පිටකොටුව පුරා බඩු ඇද්ද කරත්ත තැන් තැන්වල ගාල්කර තිබේ. අතුල මා රැගෙන යන්නේ නිෂ්චිත සාක්ෂි පෙන්වා කතාවක් පටන්ගැනීමට විය යුතුය.

අපි වැඩිදුර ගියේ නැත. අඳුරු තැනක ස්ත‍්‍රියක හා පුරුෂයකු එළිමහනේ ඇසුරකි. අතුරු පාරක ශරීරයේ කොටසක් ඉතිරිය අඳුරේය. මොවුන්ගේ යහන කඩයක බිත්තිය, පත්තර හෝ තුවායක් එලූ මහපාර හෝ බඩු අදින ගාල් කළ කරත්තයකි.

මේ ගෑනු කසිප්පු හරි අරක්කු හරි බොනවා. තවත් ගෑනු කුඩු ගහනවා. මේ ගෑනුන්ට පවුලක් කියලා දෙයක් නෑ. හැබැයි තුන් වේලට කන්ඩ නැතත් කුඩු පැකට්  ඕනේ. ඒ තරමට කුඩුවලට ඇබ්බැහි වෙලා. ඇයි? හොරකම් කරන්නද? මෙයාලට ලේසිම වැඬේ තමන් විකිණිලා හරි කුඩුවලට ගාණ හොයාගන්න එක. ඔය සිද්ධ වෙන්නේ ඒකයි.

අතුල කතාව අරඹයි.
‘කවුද මෙයාලගේ කස්ටමස්ලා....’ මම විමසීමි. ‘ඒක තමයි හොඳම කතාව... මේ හුඟක් ගෑනු දවල්ට මූණක් දිහා බලන්න බැරි තරම් විකෘතියි. කුඩු ගහලා, කසිප්පු බීලා ඇදිලා ගිහින්. සමහර ගෑනු හොඳට ඇඟපත තියෙනවා. අපේ සමහර පිරිමින්ටත් ගෑනියක් නම් ඒ ඇතිනේ. කෝච්චි අල්ලන්න එන දුර බස්වලට යන්න එන පිරිමි වෙලාව එනකම් කම්මැලිකමට පිටකොටුවෙ ඇවිදිනවා. සමහරු බීලා බමණ මතින් ඔහේ ඇවිදිනවා. මේ අය හරිම ලේසියෙන් ඔය ගෑනු අල්ලා ගන්නවා. සමහර ගෑනු ඉස්ටේසම ළඟ, බස් ස්ටෑන්ඞ් ළඟ, නයිට් කඩ ළඟ ගැවසෙනවා. බීලා ඉන්න පිරිමියෙක්ට කතා කරපු ගමන් එනවා. සමහර පිරිමි මෙයාලා එක්ක කාමරවලට රිංගන්න බයයි.

‘කාමරවලට බෑ. දුර යන්න බෑ’ සමහර පිරිමි ගත් කටටම කියනවා.

‘ දුර නෙවෙයි... පාර ළඟම ලයිට් නැති කළුවර තැනක්. බිත්තියකට මුවා වෙලා තියෙන්නේ’

‘කීයද’ පිරිමියා අහන වටිනාම ප‍්‍රශ්නෙ......

‘දෙසීයක්’ ගාණ ඇහුවම සමහරු උඩ යනවා. තරු පේනවා.

‘දෙසීයක් දෙසීයකට ගෑනියෙක්.

මේක පුදුම ලෝකයක්.

‘ඔව් දෙසීයයි.’ ගෑනි ටිකක් වෙරි මතින්ම කියනවා.

සාක්කුව අතගාලා බැලූවම දෙසීය මොකක්ද? ගෑනිගෙ ගාණ විතරයි. ඉතිරි දේවල් ගෑනි ළඟ තියෙනවා. කවුරුත් නොඑන කළුවර ‘පොට්’ එකක්....

ඔරලෝසුවෙ වෙලාව බලනවා.... රෑ 11.30යි. බස් එකට පැය දෙක තුනකුත් තියෙනවා.

සද්ද නැතුව අස්සකට රිංගනවා. දෙන්නටම හොඳටම වෙරි.

පිරිමියා සිගරැට් එකක් සාක්කුවෙන් ඇදලා ගන්නවා.

‘මටත් දීපන්’ ගෑනි තව සිගරැට් එකක් ඉල්ල ගන්නවා.

හැන්දෑවෙ හයට - හතට ටැප් එකකින් නාලා මූණෙ උලා ගත්තු මේකප් එක යාන්තමට ගෑනිට ලස්සනක් දීලා.

එතැනින් පස්සේ කට්ට කළුවරේ එළිමහනක සිද්ධ වෙන්නෙ සමහර ජෝඩු තරු පහේ හෝටල් කාමරයක ගන්න ආස්වාදයමයි.

මේක තමයි ලංකාවේ සමාජ මට්ටම් දෙකක් අතරේ පරතරය.

සමහර ගණිකාවන් දරු පවුල නඩත්තු කරන්න. තවත් ගණිකාවන් සැපට ජීවත් වෙන්න. පිටකොටුවේ මෙවැනි ගණිකාවන් කුඩු පැකට් එකට.

සමහර ගණිකාවන් තරු පහේ හෝටල්වලට බැහැලා රුපියල් 50,000 ට ලක්ෂයට දෙකට ඇඟ විකුණද්දි තවත් ගණිකාවන් දහ පහළොස් දාහට විකුණනවා. තවත් අය දෙතුන් දාහට, සමහරු පන්සීයට දාහට.

මේ අය අතරේ පිටකොටුවෙ මහ රෑ රුපියල් සීයට, දෙසීයට මධ්‍යම රැුයේ එකම වේලාවක ගණිකා සංස්කෘතිය විකිණී යන අපූරුව.

හැබැයි කතාව මීට වෙනස්. අපි මේ පටන් ගත්තා විතරයි. දහ පහළොස් දාහට ගණිකාව එක්ක ගියත් කාමරයක් නිසා ගමන ‘සේෆ්ටි’ (ආරක්ෂිතයි).
හැබැයි පිටකොටුවට මේ කතාව අදාළ නෑ. බීලා යන සමහර මහත්තුරුන්ට වෙනදේ එයාලට හිතාගන්නත් බෑ. මේ එක්ක යන ගෑනිගෙන්ම නෙවෙයි.

‘එහෙනම් කාගෙන්ද?’

ඉතිරිය ලබන සතියට

උපුටාගැනීම ලංකාදීප



Wednesday, June 24, 2015

පාර්ලිමේන්තුව අද මධ‍යම රාත්‍රියේ විසුරුවයිද ?



දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන තොරතුරු අනුව වර්තමාන පාර්ලිමේන්තුව අද දින විසුරුවා හැරීමට බොහො දුරට ඉඩකඩ තිබෙන බවට තොරතුරු වාර්තා වනවා

අද පාර්ලිමේන්තු සභාවාරයෙදි ඉගි කිහිපයක් පල උනා

මැතිවරණ සංශෝධන ක්‍රියාත්මක කෙරෙන 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කර ගැනීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලොකු උනන්දුවක් ගත් නමුත් එය අසාර්ථකවන ලකුණු දක්නට ඇතැයි දේශපාලන ආරංචි කියයි.

පාර්ලිමේන්තුව හෙට දිනයේ පැවැත්වේද යන්න අවිනිශ්චිත බව කථානායක චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුරදී කීවේය.



මහ රෑ නිවෙස්වලට රිංගා කතුන්ගේ ලස්සන බැලූ කළු කුමාරයා පොලිස් කූඩුවේ !!!!



රාත‍්‍රි කාලයේ නිවාසවලට ඇතුළුවී කාන්තාවන් නිදා සිටින අයුරු නරඹමින් ඔවුන්ගේ සිරුරු අතපත ගෑ තරුණයෙක් හිනිඳුම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


පසුගියදා  අලූයම් කාලයේ මෙම පුද්ගලයා තලංගල්ල ප‍්‍රදේශයේ නිවාස පහකට පමණ මෙලෙස ඇතුළුවී ඇති අතර අලූයම කොට කලිසමක් හා කළු කමිසයකින් සැරැුසී ප‍්‍රදේශයෙන් පලායෑමට තැත් කරද්දී ගම්වාසීන් අල්ලා හිනිඳුම පොලීසියට භාරදී ඇත.


අත්අඩංගුවට පත් මෙම තරුණයා වයස අවුරුදු විසිතුනක පමණ පුද්ගලයකු වන අතර ඔහු දෙල්ලව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.


මෙම පුද්ගලයා පොලොන්නරුවේ සිට බසයකින් පැමිණ දෙල්ලව පිහිටි සිය නිවෙසට යෑමට බස් රථයක් නොමැතිකමින් තලංගල්ල ප‍්‍රදේශයේ සිට ඇති අතර පසුව මධ්‍යම රාත‍්‍රියේ මෙලෙස නිවාස තුළට රිංගා ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇති අතර හිනිඳුම පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

සාදයේදී තරුණියක් එක්ක මුකුළු කළැයි බිරියට ඩෝං ගිහින් !!!!!


අලූතින් විවාපත්වූ තරුණයෙකි. ඔහුට මිතුරකුගේ විවාහෝත්සවයක් සඳහා ඇරයුමක් ලැබිණි. හෝටලයක පැවැත්වූ උත්සවයට තරුණ සැමියා සහ බිරිය සහභාගි වූහ. විවාහ උත්සවයට සංගීතය සැපයුවේ දිවයිනේ ජනප‍්‍රිය සංගීත කණ්ඩායමකි. තරුණ සැමියාද ගීත කිහිපයක් මියුරු හඬින් ගායනා කළ අතර බොහෝදෙනා ඔහුව වර්ණනා කරන්නට වූහ. රුවැති ළඳක්ද සුබ පතමින් ඔහුගේ අතගෙන සෙලවූවාය. මෙය ඔහුගේ බිරියට ඇල්ලූවේ නැත. ඇය බුම්බාගෙන සිටියාය. සංගීත කණ්ඩායමේ නොනවතින ගීතවලට සැවොම නටන්නට වූහ. තරුණ යුවළද රංගනයේ යෙදුණි. එතැනට පැමිණි පෙර පැවසූ කාන්තාවද රංගනයේ යෙදුනාය. සුළු වේලාවකින් ”ඔය ඇති දැන් කන්න යමු” තරුණ බිරිය සැමියාට පැවසුවාය. ඔවුහු ආහාර අනුභව කරන්නට වූහ.

පෙරකී කාන්තාවද ආහාර පිඟාන අතැතිව තරුණ සැමියා පෙනෙන මානයේ වාඩිවූවාය. ඇය වරින් වර ඔහු දෙස බැලූම් හෙලනු දුටු තරුණ බිරිය කෝපාවිෂ්ට වී සැමියාට රවන්නට වූවාය. ආහාර ගැනීමෙන් පසු අතුරුපස බෙදා ගැනීමේදී එතැනට පැමිණි කාන්තාව තරුණ සැමියා අමතා ඩෙසර්ට් එකට මොනාද තියෙන්නේ යැයි විමසුවාය. කාන්තාව තම සැමියා සමග කථා කරනු දුටු භාර්යාව සැමියාව කොනිත්තා ”අර ගෑනි මොනාද කීවේ” යැයි ඇසුවාය. ”ඩෙසට් එකට මොනාද තියෙන්නේ කියලා ඇහුවා?” ඔහු පැවසූ විට ”ඇයි ගෑනිගේ ඇස් පේන්නේ නැද්ද? එනවා යන්න” යැයි බිරිය පැවසුවාය. සැමියා සහ බිරිය මනාල යුවළට සුබපතා පිටත්වූහ.

බොදු බලෙන් අදත් පැමිණිල්ලක්


ආහාර  සංස්කෘතිය ඇතුලේ  බෙදුම්වාදයක්  ගෙනල්ලා රටේ  නැති  ප්‍රශ්න ඇති කරන අන්තවාදී  කණ්ඩායම්  වල ඊළඟ ඉලක්ක තමයි  රටේ බැංකු  පද්ධතිය , මුදල් ඒකක නැත්නම් බැංකු ක්‍රමය තුළ ඔවුන්ගේ  නිතිය අනුව බැංකු  ආක්‍රමණය කිරිම‘

යැයි බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (23) කොළඹ පිහිටි මහ බැංකුව වෙත පැමිණි අවස්ථාවේ දී පැවසූහ.

කිසිදු සාකච්ජාවකින් තොරව බැංකුවලට මෙම ආක්‍රමණයන් ඇතුළු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් සමාජයේ කතිකාවන් ඇතිවුවද එයට කන් නොදුන් පහුගිය රජයට දොස් නඟන බවත් ඥානසාර හිමියෝ කීහ.


බැසිල්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට




පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් තමන් අත් අඩංගුවට ගැනීම නීතියට පටහැණි යයි පවසමින් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු දිවි නැගුම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරණ මෙන් ඉල්ලා සිටිමින් නීතිපතිවරයා විසින් මතු කරන ලද විරෝධතා බැහැර කරමිනුයි අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය එම තීන්දුව ගත්තේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනු කමිටුවක් යටතේ පාලනය වන ආයතනයක් වන හෙයින් අදාළ ආයතනයට දේශපාලන මැදිහත් වීම් පවත්නා බවයි පෙත්සම්කාර බැසිල් රාජපක්ෂ පාර්ශ්වය ඔවුන්ගේ පෙත්සම් මගින් කියා සිටින්නේ.

එබැවින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කල නොහැකි අතර තමන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටිති.
රටේ පොදු නීතිය


බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස අත් අඩංගුවට ගැනීම රටේ පොදු නීතියට අනුව සිදු කර ඇති නිසා එමගින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු නොවන හෙයින් ඉහත කී පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙස රජයේ නීතිවේදියා ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීම ඉවත දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ඊට අදාළ කරුණු දක්වන මෙන් පොලිස්පතිවරයා සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්ට නොතීසි නිකුත් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව බීබීසී සංදේශයට කරුණු දැක්වූ පෙත්සම්කාර බැසිල් රාජපක්ෂ පාර්ශවයේ නීතිවේදී අජිත් ප්‍රසන්න කියා සිටියේ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීති විරෝධී බව පවසමින් තම සේවාදායකයන් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දී ඇති නිසා එකී විමර්ශන කොට්ඨාශය තවදුරටත් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා එක්ව තීරණයක් ගත යුතු බවයි.

ඉහත කී පෙත්සම්වල වගඋත්තර කරුවන් හැටියට අගමැති ප්‍රමුඛ ඇතුළු ඇමති මණ්ඩලය නම් කර ඇතත් අධිකරණය ඔවුන්ට එරෙහිව නොතීසි නිකුත් කිරීමක් සිදු කලේ නැත.



Monday, June 22, 2015

16 හැවිරිදි දියණිය ෆේස්බුක් එකෙන් නිරුවත් පින්තූර හුවමාරු කරලා - දඬුවම් දුන් දෙමාපියන්ට එරෙහිව පොලිසිත් ගිහිල්ලා!!


මේ වන විට තරුණ පරපුරේ බොහෝ පිරිසක් ෆේස්බුක් නිසාවෙන් විවිධ ප්‍රශ්න ඇති කරගෙන ඇති බවට දිවයිනේ නන්දෙසින් වාර්තාවන තොරතුරු අනුව පැහැදිලි වනවා. 

එලෙස ෆේස්බුක් සිය ජීවිතය කරගෙන සිටි තරුණියකට දෙමාපියන් විසින් අවවාද කිරීම හා පහර කිහිපයක් එල්ලකිරීම නිසාවෙන් උරණ වී පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවට තොරතුරක් වාර්තා වනවා. 

වැල්ලවත්ත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලබන මෙම තරුණිය විසින් ජංගම දුරකථන 10ක් පමණ භාවිතා කරමින් ෆේස්බුක් ඔස්සේ මිතුර මිතුරියන් සමඟ චැට් කර තිබෙනවා.

පසුව ඇය විසින් ෆේස්බුක් මිතුරන් සමඟින් නිරුවත් ඡායාරූපද හුවමාරු කරගෙන ඇති අතර මේ පිළිබඳව දෙමාපියන්ටද දැනගන්නට ලැබී ඇත. 

යහමින් මුදල් දෙමාපියන්ට ඇති නිසා ජංගම දුරකථන 10කින් පමණ ෆේස්බුක් භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත. 

ඇයගේ මෙම ඇබ්බැහි වීම නතරකිරීමට දෙමාපියන් ඇයව සීයාගේ නිවසේද නතර කර ඇති අතර දින කිහිපයක් ගිය පසු එම නිවසේදී ද අන්තර්ජාල පහසුකම ලබාගෙන පෙර අයුරින්ම මිතුර මිතුරියන් සමඟින් ෆේස්බුක් පරිහරණය කිරීමට ඇය කටයුතු කර ඇත.

කෙසේ නමුත් දියණියගේ පැමිණිල්ල මත පොලිසියට ගිය දෙමාපියන් ඇපමත නිදහස් කරන්නටත් ලබන 30වනදා වැඩිදුර විභාගයක් සිදුකරන්නට නියමිතය.

ශ්‍රී ලංකාවත් බ්‍රිතාන්‍ය බලහත්කාර විවාහ ලැයිස්තුවේ



බ්‍රිතාන්‍යය තුළ බලහත්කාරයෙන් විවාහ කරවන රටවල් අතුරින් ශ්‍රී ලංකාව හය වෙනි වෙනි ස්ථානයට පත්ව තිබෙන බව සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇත. බ්‍රිතාන්‍ය නීතිය යටතේ බලහත්කාර විවාහ කිරීම නීතියෙන් වරදක් කොට ඇති අතර ඒ පිළිබඳව කටයුතු කරන ඒකකයක් පිහිටුවා ඇත.

වාර්තා වූ සිදුවීම් වලින් සියයට එකක් වාර්තා වී ඇත්තේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පවුල් වලින් වන අතර ලැයිස්තුවේ හය වෙනි තැනට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි.

බලහත්කාර විවාහ සිදුකළ බ්‍රිතාන්‍ය වාසි පවුල් පිළිබඳව පැවැත්වූ සමීක්ෂනය අනුව වැඩිම බලහත්කාර විවාහ වාර්තා වී ඇත්තේ පකිස්ථාන සම්භවයක් ඇති පවුල් වලින්. සිදුවීම් වලින් සියයට තිස් අටක්ම වාර්තා වී ඇත්තේ පකිස්තානු සම්භවයක් ඇති පවුල් වලින් වන අතර දෙවෙනි තැන ගන්නා ඉන්දියාවෙන් වාර්තා වූ ප්‍රතිශතය සියයට හතක් පමණ වේ.

ඉන්දියාව,බංග්ලාදේශය,ඇෆ්ගනිස්ථානය,සෝමාලියාව සහ තුර්කිය යන රටවල් වලින්ද බලහත්කාර විවාහ වාර්තා වී ඇත.

අපහරණය වලක්වා ලීම සඳහා වූ අමාත්‍ය කැරන් බ්‍රඩ්ලි කියා සිටියේ බලහත්කාර විවාහය අපරාධයක් සේ නීතිගත කිරීම තුළින් එහි බරපතලකම පිළිබඳව සමාජ වැටහීමක් ඇති කොට තිබෙන බවයි.. බලහත්කාර විවාහ සිදුකිරීම බ්‍රිතාන්‍ය නීතිය අනුව හත් අවුරුදු සිර දඬුවමක් ලැබිය හැකි වරදක්.

‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක්


ස්කොට්ලන්තයේ ‘කන්නා’(Canna) දූපත් වැසි ජනතාව ගෙවී ගිය සති අන්තයේ පටන් බලවත් කනසල්ලකට පත් ව සිටිති.
ඊට හේතුව වසර පනහකට අධික කාලයකට පසුව එම දූපතේ සොරකමක් සිදු වීමයි.
සොරකම සිදු කොට ඇත්තේ දූපත් වාසීන් විසින් පවත්වා ගෙන යනු ලබන පොදු වෙළෙඳ සැලෙනි.
‘කන්නා’ (Canna) දූපතට පිවිසෙන ජැටියේ ආරුක්කු මත පවත්වා ගෙන යනු ලබන ‘අවංක පාරිභෝගිකයන්ගේ පොදු වෙළෙඳ සැලේ’ විශේෂත්වය වන්නේ මූල්‍ය අයකැමියකු හෝ කිසිදු මුරකරුවකු එහි නොවීමයි.
පොදු වෙළෙඳ සැල පවත්වා ගෙන යන ස්වේච්ඡා කාර්ය මණ්ඩල විසින් භාණ්ඩ සැපයීම සහ ඒවා රාක්ක මත තැන්පත් කිරීම සිදු කෙරෙන අතර තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබා ගත් පාරිභෝගිකයන් නියමිත මිළ අනුව ඔවුන් ලබා ගත් භාණ්ඩ සඳහා ගෙවිය යුතු මුළු මුදල් එහි තබා තිබුණ විශේෂ පෙට්ටියක් තුලට බහා ලීමයි චාරිත්‍රයක මට්ටමින් මෙතෙක් සිදු වෙමින් තිබුණේ.
එහෙත් මේ සති අන්තයේ එම වෙළෙඳ සැල පරීක්ෂා කළ ස්වේච්ඡා කණ්ඩායමකට පෙනී ගියේ වසර පනහකට අධික කාලයක් ගැටලුවකින් තොරව පෙරට යමින් තිබුණ එම චාරිත්‍රය බිඳ දමා ඇති බවයි.
සති අන්තයේ සිදු වී තිබුණේ පොදු වෙළෙඳ සැලේ රාක්ක මත තබා තිබුණ රස කැවිලි ,අතින් ගොතන ලද හිස් වැසුම් සහ සනීපාරක්ෂක භාණ්ඩ රැසක් කිසිවකු විසින් නියමිත මිළ නොගෙවා රැගෙන යාමයි.
‘කන්නා’දූපතේ සොරකමක් සිදු වීම ඉතාම දුර්ලභ සිද්ධියක් ලෙසයි සැලකෙන්නේ.
බිඳ වැටුණ චාරිත්‍රය
මින් පෙර එම දූපතෙන් සොරකමක් වාර්තා වී ඇත්තේ 1960 දශකයේදීය.


ඒ දේවස්ථානයක තිබුණ කැටයම් කරන ලද දැවමය පුවරුවක් සොරකම් කරනු ලැබීමකි.

එම දූපත අයිති ස්කොට්ලන්ත ජාතික පදනම පවසන්නේ දූපත් වාසී ප්‍රජාව විසින් පවත්වා ගෙන යන ලද ‘අවංක පාරිභෝගිකයන්ගේ පොදු වෙළෙඳ සැල’ එවැනි තත්වයකට පත් වූ බව ඇසීමත් කනගාටුවට කාරණයක් බවයි.

සොරකම සිදුව ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රී අටත් සෙනසුරාදා උදෑසන අටත් අතර යයි පවසන පොලිසිය එම කාලය තුල ජැටියට ලඟා වූ කිසිවකු ගැන විපරමින් සිටියි.

වසර පනහකට අධික කාලයක් කිසිදු කාර්ය මණ්ඩලයකින් තොරව දවසේ පැය විසි හතර පුරාම ජනතාවට විවෘත කර තිබුණ ‘අවංක පාරිභෝගිකයන්ගේ වෙළෙඳ සැල’ අලුතින් උද්ගත වූ කණගාටුදායක තත්වය හමුවේ එහි ස්වේච්ඡා කාර්ය මණ්ඩල සාමාජිකයන් නොමැති අවස්ථා වල වසා දැමීමට දැන් පියවර ගෙන ඇත.

මද්‍යසාර විෂ වී ඉන්දියාවේ අනූවක් මරුට





මද්‍යසාර විෂ වීමක් හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නුවර අනූවකට වැඩි පිරිසක් මරුමුවට පත් වී තිබේ.

විෂ ශරීර ගත වූ බොහෝ දෙනෙක් රෝහල් ගත වී සිටින අතර පළමු මරණය පසුගිය බදාදා වාර්තා විය.

මුම්බායි නගරයේ පැල්පත් ආශ්‍රිත ප්‍රදේශයක නිවසක් තුළ ඉහත කී විෂ සහිත මත්පැන් නිෂ්පාදනය කොට තිබේ.

එක සිය පනස් දෙනෙක් එම විෂ සහිත මත්පැන් පානය කොට ඇති බවයි මුම්බායි නගරයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.

මද්‍යසාර විෂ වීම හේතුවෙන් සිදු වන මරණ ඉන්දියාවෙන් නිතර අසන්ට ලැබෙන අතර තමන් විසින් පෙරා ගන්නා ලද ලාභදායී මත්පැන් දිළිඳු ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වේ.

Sunday, June 21, 2015

හොල්මන් දැක බිය වූවන්ට ප්‍රතිකාර - තඹුත්තේගම ගමේ අමනුෂ්‍ය රූප දිස්වීමේ සිද්ධිය මානසික රෝගයක්ලූ - වීඩියෝ!!



තඹුත්තේගම - රාජපක්ෂගම පැතිර යන අද්භූත, අමානුෂික රූපයක් දිස්වීමේ සිද්ධිය මානසික රෝගයක් බව අධිමනෝ විද්‍යා පර්යේෂණ සංගමයේ සභාපති මනෝ විද්‍යාඥ පී.එන්. විද්‍යාකුලපති පවසනවා. 

රාජපක්ෂගම ගම්මානයේ ගම්වැසියන් දින කිහිපයක සිටම අමනුෂ්‍ය රූපයක් ගම්මානය පුරා දිස්වන බවට පවසමින් බියට පත්ව සිටියා.

ඊයේ (19) පෙරවරුවේ තඹුත්තේගම රාජපක්ෂ ගම්මානයට පැමිණි අධි මනෝ විද්‍යා පර්යේෂණ සංගමයේ සභාපති මනෝ විද්‍යාඥ පී.එන්. විද්‍යාකුලපති එම ගම්මානයේ පවතිනවා යැයි පැවසෙන අමනුෂ්‍ය බලපෑම් පිළිබඳ සොයා බැලීමක් සිදුකළා. 

ඔහු එහිදී අදාළ අමනුෂ්‍ය රූපය දැකීමෙන් බියට පත්ව සිටි පිරිස් ද මුණ ගැසුණා.

අනතුරුව ගම්වැසියන් බියට පත්වූයේ යැයි පැවසෙන ස්ථාන ද විද්‍යාකුලපති මහතා නිරීක්ෂණය කළා. ඔහු එහිදී ගම්මානයේ පිහිටි සොහොන් භූමිය ද නිරීක්ෂණයක නිරත වුණා. අනතුරුව ඔහු කියා සිටියේ මෙය මානසික රෝගී තත්ත්වයක් බවයි.

මේ අතර, මාතලේ ශ්‍රී විද්‍යානන්ද මහා පිරිවෙනේ විහාරාධිකාරී, රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් ද රාජපක්ෂ ගම්මානයට ඊයේ පැමිණියා. 

උන්වහන්සේ ද එහිදී අමනුෂ්‍ය බලපෑමෙන් පීඩාවට පත්ව සිටිනවා යැයි පැවසෙන පුද්ගලයින් හමුවුණා. අනතුරුව පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් සදහන් කළේ ඇතැම් කට්ටඩියන් මෙවැනි සිදුවීම්වලින් වාසි ලබා ගැනීමේ තත්ත්වයක් මතුව ඇති බවයි.

එම වීඩියොව පහතින්.....

Saturday, June 20, 2015

යටිසිතේ ලිංගික ආශාව තියෙන කාන්තාවන් හොයා ගන්නේ මෙහෙමයි


යක්‍ෂ බලවේගයන් විවිධාකාර විදියට හඳුන ගන්න පුළුවන්... කවුරුහරි මියගියාම ඒ කෙනා තමන්ගෙ ගෙදරට, දේපළ වස්තුන්ට, නෑ හිත මිතුරන්ට තියෙන ආදරේට ඒ අයට එක එක විදියෙ බලපෑම් කරනවා... ඒ වගේම ඒ දේවල්වලට ආශාවෙන් මියයන අයම තමයි වැඩිපුරම යක්‍ෂ ෆ පේ‍්‍රත ෆ භූත වගේ පහත් ආත්මවල ඉපදෙන්නෙත්.... ඉතින් මේ අය කරන විප‍්‍රකාර දේවල් එක්ක තමයි මේ කතාවන් හැමදේම බැකේ‍ෂන්නෙ. සමහර වෙලාවට මේ යක්‍ෂ පේ‍්‍රත ආත්ම ජීවත් වෙලා ඉන්න අයට ආවේශ වුණොත් ජීවත් වෙලා ඉන්න අයට සාස්තර කියනවා වගේ දේවල්වලදි උපකාර කරන අවස්ථා දකින්න ලැඛෙනවා. ඒ මළගියවුන්ගෙ බලවත්කම යහපත් පැත්තට හරවගෙන. මේ විදියට මළගිය ඇත්තො ජීවත් වෙලා ඉන්න අයට යහපතක් කරනවා වගේ සමහර වෙලාවල් වලදී තේරුණත්, වැඩිපුරම දකින්න ලැඛෙන්නෙ ඔවුන්ගෙන් වෙන කරදර, හිරිහැර විතරයි....

සමහර යක්‍ෂ ෆ පේ‍්‍රත ෆ භූත කොටස් ජීවත්ව ඉන්න අයගෙන් වින්දනයක් ලබන්න කරන්නෙ ඒ අයගෙ ජීවිත අවුල් කරන එක. සමහර වෙලාවට මිනිස්සු බය කරල ලෙඩ කරල වින්දනයක් ලබන මේ යක්‍ෂ පේ‍්‍රත කොටස් අතරින් අද මේ කියන්න යන යක්‍ෂයො දෙන්න වින්දනය ලබන්නෙ වැඩිපුරම ආදරය කරලා.... ඒකත් කාන්තාවන්ට රහසිගතව පේ‍්‍රම කරලයි. ඉතින් මේ කාන්තාවන්ට පේ‍්‍රම කරන කළුකුමාරයා සහ තොට යක්‍ෂයා කාන්තාවන්ට දර්ශනය වෙලා පීඩාවට පත්කරනවට අමතරව නොපෙනෙන්න නොදැනෙන්නත් පීඩාකරන අවස්ථා තියෙනවා. විවාහ වෙන වයසේ ඉන්න තරු‚යන්ට වැඩිපුරම උපද‍්‍රව කරන යක්‍ෂයා තමයි කළුකුමාරයා.... අවේලාවන්වලදී පාළු ස්ථාන, ගංගා, ඇළ ‍දොළ තියෙන තැන්වල තනියම ඉන්න තරු‚යන් මේ කළුකුමාරයාගෙ බැල්මට ගොදුරු වෙනවා... ඒ තමයි කළුකුමාරයා තරු‚යන්ගෙ පහස ලබන හැටි....
හැබැයි ඒකෙන් වෙන්නෙ නම් තරු‚යො පීඩාවට පත්වෙන එකයි. ඉතිහාස කතාවල කියැවෙන විදියට නම් කළුකුමාරයා කියල හඳුන් වන්නෙ දෙවොල් දෙවියන් එක්ක ඉන්දියාවෙ ඉඳල ලක්බිමට ආපු පහළොස් හැවිරිදි වියේ හිටපු කුමාරයෙක්. මේ කළුකුමාරයා වැහෙන අය ඒ දෝෂයෙන් මුදා ගන්න කරන්න තියෙන ශාන්තිකර්ම නම් ඒ තරම් ලේසි පහසු ඒව නෙවෙයි. කාන්තාවන්ට වැඩිපුර පේ‍්‍රම කරන අනෙක් යක්‍ෂයා, ඒ කියන්නෙ තොට යක්‍ෂයා කාන්තාවන්ට, තරු‚යන්ට බැල්ම හෙළන්නෙ ගංගා, ඇළ‍දොළ, නානතොටුපොළවල ඉන්න කොටයි... නිරාවරණය වුණ කාන්තා සිරුරුවලට ලොල් වෙන මේ තොට යක්‍ෂයා කාන්තාවන්ගෙ ජීවිතවලට නරක විදියට බලපෑම් කරනවා. ඒ නිසා තමයි මේ විදියට ජල ස්නානය කරනකොට, වස්ත‍්‍ර මාරු කරන කොට, වත්සුණු ආලේප කරනකොට තොට යක්‍ෂයාගෙ බැල්මට ගොදුරු වෙන කාන්තාවන්ගෙ ශරීර වැහැරිලා හුදෙකලා වෙලා නිතර නිතර ලෙඩ වෙන්නෙ... ඉතින් කොහොමද මේ කළුකුමාර යක්‍ෂයා වැහිලා, කළුකුමාර දෝෂයට ගොදුරු වුණු කාන්තාවක් හරි තරු‚යක් හරි හඳුනගන්නෙ? ඒ හරිම ලෙහෙසි වැඩක්. මේ අය ශබ්ද නඟා සිනාසෙනවා.
්‍යැ්කඑය
ඒ වගේම ඉක්මනින් කේන්ති ගන්නවා. ඒ විතරක් නෙවෙයි හුදෙකලා වෙනවා. මේ සේරම කළුකුමාර යක්‍ෂයගෙ බලපෑම්. මේ කළුකුමාර යක්‍ෂයගෙ සහ තොට යක්‍ෂයාගෙ පේ‍්‍රමයට හසු වෙන කාන්තාවන්ගෙ විවාහය ප‍්‍රමාද වෙනවා. ඒකට හේතුව තමයි මේ යක්‍ෂයො දෙන්නම කැමැති නැහැ තරු‚යො විවාහ වෙනවට. ඒ වගේම විවාහක කෙනෙක් මේ දෙන්නගෙ රහසිගත පේ‍්‍රම දැලේ පැටලුණොත් ඒ කාන්තාවට දරුපල හිමි වෙන්නෙ නැහැ. මේ අනිටු ප‍්‍රතිඵලවලට කාන්තාවො, තරු‚යො ගොදුරු වෙලා කියල පෙන්වන විශේෂ සංකේතයක් තමයි ඒ අයගෙ ඇස් යට කළු වීම. ඒකටත් ලොකු හේතුවක් තියෙනවා. මේ රහසිගත පේ‍්‍රමයේ භයානකම දේ තියෙන්නෙ එතැන. තොට යක්‍ෂයයි, කළුකුමාර යක්‍ෂයයි රාත‍්‍රියෙදී නින්දෙ ඉන්න කාන්තා වන්ට සිහිනෙන් පෙනී පෙනි කාන්තාවන්ගෙ පහස විඳිනවා.

 මේ විදියට එක එක විදියට කාන්තාවන්ට දර්ශනය වෙන මේ යක්‍ෂයො දෙන්නා පේ‍්‍රමය මුළාවෙන් ශරීර ස්පර්ශය තුළින් කාන්තාවන් තමන්ගෙ පහස වෙනුවෙන් පොලඹවා ගන්නවා. ඒක තමයි මේ දෙන්නගෙ භයානකම පරමාර්ථය. ඉතින් යටිසිතේ ලිංගික ආශාව තියෙන කාන්තාවන් මේ යක්‍ෂ පේ‍්‍රමයට ලෙහෙසියෙන්ම ගොදුරු වෙන්නෙ නින්දෙන්මයි. එතැන ඉඳන් කාන්තාවන්ගෙ කායික සහ මානසික පිරිහීම ආරම්භ වෙනවා. මේ උවදුරෙන් ඔවුන් මුදා ගන්න, ඒ කියන්නෙ මේ යක්‍ෂයන් දෙදෙනාගෙ පේ‍්‍රමයෙන් කාන්තාවො ගලවගන්න තොවිල් ෆ පවිල්, ශාන්තිකර්ම, බාර හාර වගේ දේවල්වලින් පුළුවන් වෙනවා. අවිවාහක තරු‚යක් නම් කරන්න ඕන හොඳමදේ සුදුසු තරුණයෙක් හොයලා විවාහ කරන එක. තවත් දේවල් කිහිපයක්ම තියෙනවා. පිරිමි කෙනෙක් පරිහරණය කරපු ඇඳුමක් මේ පේ‍්‍රමයට ගොදුරු වුණ කාන්තාවන්ගෙ කොට්ටය යට තියාගෙන නිදා ගත්තම මේ දෝෂය මඟහැරී යනවා. ඒ වගේම කොස්සක් හරි ඉදලක් හරි උඩ යට මාරු කරල ඇඳ ළඟ තිබ්බමත් මේ දෝෂය මඟහැරී යනවා කියල විශ්වාස කරනවා.

ඔය විදියට තරු‚යන්ට, කාන්තාවන්ට බලපාන මේ කළු කුමාර ෆ තොට යක්‍ෂ පේ‍්‍රමය ඇතුළු යක්‍ෂ බන්ධනවලට වර්තමානයේ විවිධාකාර අර්ථකථන සපයනවා. එකක් තමයි සිත, කය සංවරව ආගමික නැඹුරුවෙන් ජීවත් වන අයට මේ උවදුරු බලපාන්නෙ නෑ. තවත් එකක් තමයි මේ සියලු දේවල් වෙන්නෙ මනස දූෂිත වෙලා ඇතිවෙන අපේක්‍ෂා භංගත්වය. ඒ වගේම කලකිරීම හිස්ටීරියා කියන මානසික ස්වභාවයත් මේකට හේතු වෙනවා. මේ දේවල්වලට හරි විදියට හොයා බලල හරි විදියට ශාන්තිකර්ම කරල මේ යක්‍ෂ පේ‍්‍රමයෙන් කාන්තාවන් මුදා ගන්න පුළුවන්. එතකොට මේ ?ට ?ට පාළු තැන්වලදි කළුකුමාරයාටවත්, තොට යක්‍ෂයාටවත් ඕන ඕන විදියට තරු‚යො, කාන්තාවො. දෝෂයන්ට හසුවෙන එකක් නැහැ. ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

Friday, June 19, 2015

ගැහැණු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන එත් කවදාවත් පිරිමින්ට නොකියන අභිරහස් 5ක්



ගැහැණු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන එත් කවදාවත් පිරිමින්ට නොකියන අභිරහස් 5ක්

ගැනු කැමතියි ගෙදර පිරිමියා හැම වැඩකම මුලිකත්වය අරන් කරනවට

ඔව් මෙන්න මේ කරුණ ගොඩක්ම වැදගත්. අපි ගෑනුන්ටත් සැම තැන දෙන්න ඕනේ කියලා


 හැම දෙයක්ම ඒ ගොල්ලෝ කියන විදීයටම කරනවට කාන්තාවෝ කොහොමත් කැමති නෑ.ඒ ගොල්ලෝ ගොඩක් ආසයි ගෙදර වැඩ හැම එකක්ම පිරිමියා මුලිකත්වය අරන් කරනවට.ඒ නිසා ගෙදරට ගෙන පුංචි බඩු ලිස්ට් එක උනත්
ඔයා පොඩ්ඩක් විහිලුවට හරි පරික්ෂා කරලා බලලා ඒ හැම දෙයක් ගැනම තමුන් හොද අවබෝදයකින් කටයුතු කරන බව පෙන්වන්න.කවදාවත් ගෙදර වැඩ කටයුතු වල මුලිකත්වය කන්තාවන්ට දෙන්න යන්න එපා.ඒ දේට කාන්තාවෝ ඒ තරම් කැමති නෑ.පිරිමියා පිරිමියෙක් විදියට කටයුතු කරනවට තමයි ඒ ගොල්ලෝ හිත යටින් ආසා කරන්නේ.

ගෑනු කැමතියි නොසිතු ලෙස විවිධ කරන පුදුම කිරීම් (ිමරචරසජැි) වලට

තමුන්ගේ සහකරුවා විසින් නිර්මාණාත්මක ලෙස සැලසුම් කරපු විවිධ දේවල් හරහා ඒ ගොල්ලෝ පුදුම කරනවට ගැනු අය ගොඩක් කැමතියි.එතකොට තමයි ගෑනුන්ට හිතෙන්නේ ඒ ගොල්ලෝ තමුන්ගේ සහකරුවාගේ සිත තුල විශේෂ කෙනෙක් කියලා තේරෙන්නේ.ඇත්තටම මෙහිදී නිතර නිතරම මහා ලොකු ඉතාමත් මිල අධික තෑගි බෝග දෙන්නම අවශ්‍ය නෑ.පුංචි රස කෑමක් හරි ඔබේ බිරිදට හෝ පෙම්වතියට ඉදලා හිටලා අරන් යන එකත් ඒ ගොල්ලොන්ගේ හිත් ඇතුලේ පිරිමින්ට ගොඩක් ලකුණු ලැඛෙන දෙයක්.

ගැනු ගොඩක් බයයි තමුන්ගේ සහකරු ඇසුරු කරන අනිත් කාන්තාවන් විසින් සහකරුගේ ආදරය සොරකම් කරයි කියලා

ගොඩක් ගැනු අයගේ හිත යට තියෙන ලොකු බයක් තමයි තමුන්ගේ සහකරුවා වැඩ කරන දෙසෙජැ එකේ ගැනු අය , සහකරුවා ආශ්‍රය කරන මිතුරියෝ වගේ අය එයාගේ ආදරය හොරකම් කරයි කියලා.ඉතින් එක නිසා පිරිමි අය ගොඩක් පරිස්සමින් අනිත් ගැනු එක්ක වැඩ කරන්න.නිතරම තමුන්ගේ පෙම්වතිය හෝ බිරිද ලෝකේ ඉන්න ලස්සනම හා හොදම කාන්තාව බව එයාට අගවන්න ඕනේ.අනිත් ගැනු තමා සත පහකට මායිම් කරන්නේ නැති බව පෙන්වන්න.ඇත්තටම මේක බොරු රගපෑමක් විතරයි.හැබැයි ඔයාට ගොඩක් ලකුණු ලබා ගන්න පුළුවන්.

ගැනු කැමතියි තමුන්ගේ පිරිමියා අවංක කෙනෙක් වෙනවට

ඔව් මේ දේ ගොඩක්ම වැදගත්. බාහිර ලෝකයෙදී තමුන්ගේ පිරිමියා මොන වගේ කෙනෙක් උනත් තමුන් ඉදිරියේ අවංක වෙනවට ගැනු ගොඩක් කැමතියි.කවදාවත් ගෑනුන්ට බොරු කියන්න එපා.එක ටිකක් කරන්න අමාරු වැඩක් වගේ නේද ? හරි මන් මෙහෙම කියන්නම්කෝ.කවදාවත් ගෑනුන්ට අහු වෙන බොරු කියන්න එපා.ගැනු ගොඩක් අප්‍රිය කරනවා බොරු කියන අය,තමුන්ගේ පෙම්වතියට හෝ බිරිදට බොරු කියනකොට ගැනු හිතනවා එයාලව දැන් විහිළුවක් වෙලා කියලා.ඒ ගොල්ලොන්ගේ වටිනාකම අඩු වෙලා කියලා.එතකොට ඔබේ ලකුණු ගොඩක් කැපෙනවා.සැලකිලි අඩු වෙනවා.බොරු කියන එක තමයි හේතුව.

ගැනු කැමතියි තමුන්ගේ පිරිමියා පොඩ්ඩක් විතර යාලුවෝ එක්ක මෙබ එකේ ඉන්නවට

මේක හොදින් තේරුම් ගැනීම වැදගත්.යාලුවෝ ආශ්‍රය කරනවට ගැනු අය අකමැති කියන කතාව බොරුවක්.ගැනු අය කැමතියි තමුන්ගේ සහකරුවා පොඩ්ඩක් යාලුවෝ එක්ක මෙබ එකේ ඉන්නවට.ඉදලා හිටලාපොඩ්ඩක් ිැඑ වෙලා සින්දුවක් කියලා සතුටින් ඉන්නවට.හැබැයි ඕනෙවට වඩා නම් මේ දේවල් කරන්න ගියොත් නම් බඩුම තමා.නොකර හිටියත් පොඩ්ඩක් අවුල්.සමාජය තුල මොන තරම් සිමා තිබුනත් ඇත්ත කතාව මේක තමයි. මෙම වීඩියෝ එක බලන්න

කෙල්ලෝ ඉඳගෙන මුත්‍රා කරපු කාලය ඉවරයි (කෙල්ලන්ට විශේෂයි)


කාන්තාවන්ට   පිරිමින්ට   ව‍ගේ   හිටගෙන   මුත්‍රා   කිරීමට  නොහැකි   වීම ‍  නිසා   එක එක  විදියේ   අකරතැබ්බ වලට මුහුණපාන  සිද්ධි   ඕනෑ   තරම් ඇති. මේ   ඒ   අපහසුතා   මග   හරින්න   දැන්   නවතම   ගැහැණු   මුත්‍රා   උපාංගයක්  ලෝකයට   හඳුන්වා   දී      තිබෙනවා.මේ උපකරණය ‍ලෝකයේ  කොහේ ගියත් ඕනම අවස්ථාවක ඒය රැගෙන යා හැකි වෙයි. කොහොම වුණත් මේ මුද්‍රා උපාංගය යුරෝපා රටවලට නම් අලුත් දෙයක් නෙවෙයි. ඒක එම රටවල කාන්තාවන් කාලයක සිටම පාවිච්චි කරන උපාංගයක් කියලයි අපිටනම් ආරංචිය.

බලන්න‍කෝ කොහොමද ඒ මුත්‍රා උපාංගය කියලා