Monday, July 20, 2015
ශ්‍රී ලංකාවේ පළමු ISIS සටන්කාමියා මරුට
අයි එස් සටන්කරුවකු බවට සැලකෙන සිරියා රජයට එරෙහිව අයි එස් සටන්කරුවන් ගෙන ගිය සටනකදී ගුවන් ප්‍රහාරයකින් දින කිහිපයකට පෙර මිය ගිය ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳව තොරතුරු විදේශ මාධ්‍ය වාර්තා කරයි. ගලේවෙල ප්‍රදේශයේ සිටි ශ්‍රීලාංකිකයකු වන මොහු මෙලෙස සිරියාවේදී ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව වාර්තා වෙයි.
අයි එස් සංවිධානය අබු ෂුරේහ් සයිලානි යනුවෙන් මිය ගිය අයි එස් සාමාජිකයා හඳුන්වා දී තිබෙනවා. ඔහුගේ වයස අවුරුදු 37ක් බවත් ඔහු දරුවන් හය දෙනකුගේ පියකු බවත් බිරිය හත් වැනි දරුවා ලැබීමට ආසන්න බවත් මේ වන විට වාර්තා වෙමින් පවතිනවා.පකිස්තානයේ ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්ව විද්‍යාලයයේ එල්.එල්.බී උපාධිය දිනා සිටින ඔහු අරාබි, උර්දු, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා හොඳින් කතා කිරීමේ හැකියාව ලබා සිටි බවද සඳහන් වෙයි. ඔහු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ නැවතී සිටි බවට තොරතුරු ඇති අතර මහරගම කරාතේ පුහුණුකරුවකු වූ බවත් සිරියාවට යන බව ගලේවෙල පිරිසකට කියා ඇති බවත් ඔහු මිය ගිය බව දින පහකට පෙර දැනගන්නට ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එම පුද්ගලයා ගලේවෙල පාසලක දුදරුවන්ට ඉංග්‍රීසි උගන්වා ඇති බවට එම විදුහලේ විදුහල්පති විසින් මේ වන විටත් ප්‍රකාශයට පත්කර තිබේ.
ඔහු පසුගිය 2014 වර්ෂය තුළත් එම පාසලේ දරුවන් හට ඉංග්‍රීසි උගන්වා ඇති බව සඳහන්ය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment