පොළෙන් ගෙනා බඩු බෑගයේ කාන්තා යට ඇඳුම් හමුවී තම බිරියගෙන් ගුටි කෑ සැමියකු පිළිබඳ පුවතක් කලවාන ආසන්න ප්රදේශයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු සතිපොළ පැවැත්වෙන සෙනසුරාදා දිනයේදී පොළට ගොස් බඩු රැගෙන තම බිරිය කලකසිට ඉල්ලමින් සිටි පාවහන් දෙකද රැගෙන කළු කවරයක දමා ගෙදර යාමට පිටත් වී ඇත.
අතර මගදී බුලත් විටක් ගැනීමට කඩයකට ගොඩවී ඇති අතර බෑග් එක බිම තබා විට කෑමෙන් පසුව බෑග් දෙක පැටලී දළු කඩා වැඩ අවසන් වී ගෙදර යන කාන්තාවකගේ බෑගය ඔහු විසින් ගෙදර රැගෙන ගොස් ඇත.ගෙදර යන අතරේ තම බිරිය පුදුම කරවන්නට සිතා ඇය ආස කරන සෙරෙප්පු දෙක පසුව දෙන්නයි සිතා දර මඩුවේ සඟවා ගෙට ගොඩ වී තිබේ. තම සැමියා යමක් සඟවනු දුටු බිරිය දර මඩුවට ගොස් මල්ල පරීක්ෂාකර බැලීමේදී කාන්තා යට ඇඳුම් හා සබන් කැබැල්ලක්, තුවායක් දුටු ඇය යකා ආරූඪ වී බෑගයද රැගෙන සැමියා ළඟට ගොස්
අද කොහේද ගියේ” යැයි අසා සිටි අතර තම බිරිය සෙරෙප්පු දෙක දැක සතුටු වී සල්ලි කොහොන්ද අසනවා යැයි සිතා ”කොහේ ගියාම මොකෝ ඇතුළේ තියන දේ දැක්කම සතුටු නැද්ද” යැයි ඇසුවේ බිරිය දෙස ආදර බැල්මක් හෙලමිනි. වැරදි වැඬේ කරලා ඒවා මට පෙන්නන්නත් ගෙනවා නේද? යයි පවසමින් අසල තිබූ දර පොල්ලක් රැගෙන සැමියාට පහර දී ඇතැයි වාර්තා වේ.
No comments:
Post a Comment