Monday, July 6, 2015
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා
විවාහක තරුණ සැමියෙකි. සේවය පැරණි අගනුවර සමාගමකය. තරුණ බිරිය ද රජයේ රැුකියාවක් කරන්නියකි. විවාහ වූයේ මීට මාස කිහිපයකට ඉහතදීය. දිනක් සැමියාගේ පොඩි විහිළුවකට බිරිඳට දුක හිතුණි. කිසිදා අමනාප වී නොමැති ඇය ඔහු සමග කථා නොකර ආහාර පිළියෙළ කර උදෙන්ම රැකියාවට පිටත් වූවාය.සැමියා දිවා ආහාරයද ඔතාගෙන යතුරුපැදියෙන් තම සේවා ස්ථානයට පැමිණියේය. බිරිඳ අමනාප වූ බව මිතුරන්ට පැවැසූ විට ඔවුන් උපදෙස් දුන්නේ ”ගෙදර යද්දී අරක්කු බෝතලයක් අරන් ගිහින්, වයිෆ්ට පේන්න උගුරක් බීපන්. එතකොට එයා බෝතලේ උදුරාගෙන උඹත් එක්ක කතා කරයි” යනුවෙනි.
”ඒ වුණාට මචන් මම බොන්නේ නැහැනේ” ඔහු පැවැසූවිට ”උඹ අරන් පලයන්. යාළුවුණාට පස්සේ අපිට බෝතලේ ගෙනත් දීපන්” මිතුරෝ පැවැසූහ.
සැමියා සවස් වරුවේ මත්පැන් බෝතලයක් ද රැුගෙන නිවෙසට පැමිණියේය. රූපවාහිනිය නරඹමින් සිටි බිරිය ඔහු දැක බුම්මා ගත්තාය. ඔහු ඇඟපත සෝදාගෙන මත්පැන් බෝතලය සහ වීදුරුවක් බිරිඳට පෙනෙන මානයේ තබා බෝතලයේ මූඩිය විවර කළේය. මෙය දුටු බිරිඳ විස්මයට පත්වූවාය. ඇය වහාම බෝතලය උදුරාගෙන කටේ තබාගෙන එක හුස්මට පානය කරන්නට වූවාය. සැමියා බෝතලය උදුරාගන්නා විට බිරිඳට බෝතල් කාලක් පමණ මත්පැන් පෙවී තිබිණි. ඇය ඔක්කාරය කරන්නටත් වෙරිවී නන් දොඩවන්නටත් වූවාය. වහාම සැමියා දෙහි බෑයක් ගෙන බිරිඳගේ හිසේ අතුල්ලන්නට විය. එළිවෙනතුරු බිරිඳගේ හිස අතගාමින් දෙහි අතුල්ලමින් සිටීමට සැමියාට සිදුවිය. එලිවෙද්දී බිරිඳගේ අමනාපය දුරුවී තිබිණි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment