Saturday, July 4, 2015
සන්ධානයෙන් මහින්ද නාම යෝජනා දුන් බව ජනපති ප්‍රතික්‍ෂේප කරයි.......?
එන මැතිවරණයට සන්ධානයෙන් තරඟ කිරීමේ අවස්ථාව හිටපු ජනාධිපතිවරයාට ලබා දුන් බව සඳහන් කරමින් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් තමන් නොදන්න බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේසන මහතා පවසා ඇති බව එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා පල වෙමින් තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අමතනු ලැබූ අවස්ථාවේ යයිද එම වාර්තාවල දැක්වෙයි.
කෙසේ වෙතත් මේ දක්වා එම නිවේදනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ ඔහුගේ මාධ්‍ය අංශය විසින් කිසිදු ප්‍රතික්‍ෂෙප කිරීමක් සිදු කර නැත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment