Tuesday, July 7, 2015

ශ්‍රීලනිප නාමයෝජනා කමිටුව ජනපති ප්‍රධානත්වයෙන්



මහ මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් නාමයෝජනා තේරීම් කණ්ඩායම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී රැස්වීමට නියමිතය.සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, එස් බී දිසානායක සහ මහින්ද අමරවීර මහත්වරු ඇතුළු පිරිසක් එම කමිටුවේ සෙසු සාමාජිකයෝ ය.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රමුඛ ඛණ්ඩායමක් විසින් සැකසූ නාමයෝජනා පත්‍රයේ ඇති නම් කිහිපයක් අද රාත්‍රී රැස්වෙන නාමයෝජනා කමිටුවේ දී කපා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාමයෝජනා දීම සම්බන්ධ අවසන් තීරණය ද ජනපති විසින් අද රාත්‍රී ගනිතියි එම ආරංචි සඳහන් කරයි.

No comments:

Post a Comment