Wednesday, July 15, 2015

මෛත්‍රට උත්තරේ 17 මහින්ද



සන්ධාන පක්ෂ නායක රැස්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මින් මද වේලාවකට පෙර පැමිණි අතර පෙරදින මෛත්‍රිපාල සිරිසේන ජනපති කළ කථාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේදී ‘ඒ කථාවට උත්තරේ අගෝස්තු 17 වැනිදාට දෙන්නම්‘ යැයි පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා මෙම ඡන්දයේදීද පරදින බවට මෛත්‍රිපාල සිරිසේන ජනපති අඟහරුවාදා සවස විශේෂ ප්‍රකාශයක් කළේය. මාධ්‍යවේදීන් ඒ ගැන විමසූ විට ඔහු එසේ කීවේය.

සන්ධාන පක්ෂ නායකයින් රැසක් එහි පැමිණ අතර මින් මද වේලාවකට පෙර රැස්වීම ඇරඹිණි. ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, ප්‍රභා ගනේෂන්, තිස්ස විතාරණ, තිස්ස අත්තනායක ඇතුළු සන්ධානයට සහාය දක්වන කණ්ඩායම් රැසක නියෝජිතයෝ එහි පැමිණියහ.

No comments:

Post a Comment