Friday, July 10, 2015

ශ‍්‍රීලනිපයේ රොත්තක් චම්පිකත් එක්ක අලියා පිට නඟී.....



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරඟ කිරීමට සාකච්ඡා අරඹා ඇතැයි පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා ලංකාදීපයට පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරෝධය පළ කරන හිටපු මන්ත්‍රීවරුන් අතරින් දුමින්ද දිසානායක මහතා හැර සෙසු මන්ත්‍රීවරු එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද ඔහු සඳහන් කළේය.මහින්ද රාජපක්ෂ මහතාගේ පිළ පැරදවීමට හැකි උපරිම අයුරින් කටයුතු කරන බව ද වියන්ගොඩ මහතා සඳහන් කළේය.

රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එස්.බී. දිසානායක, සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ, හේමාල් ගුණසේකර, නියෝන්මාල් පෙරේරා, එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන, විජය දහනායක, අර්ල් ගුණසේකර, සරත් අමුණුගම, දුමින්ද දිසානායක සහ අතුරලියේ රතක හිමි, චම්පික රණවක මෙසේ සාකච්චා කරමින් සිටිතැයි කියැවේ.

 සරත් ‍ෆොන්සේකා මහතාගේ පක්ෂ ද එම පෙරමුණට සම්බන්ධ වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, මේ ගැන සාකච්ඡා වට ගණනාවක් ඊයේ  ස්ථාන කිහිපයක දී පැවැති බව දේශපාලන ආරංචි කියයි.

No comments:

Post a Comment