Wednesday, July 1, 2015
අලි පේර රුධිර පිළිකාවට
අලිගැටපේරවල ඇති මේදය ලේ පිළිකාවට දිව ඔසුවක් බව කැනඩාවේ පර්යේෂකයෝ පිරිසක් කියති. එහි ඇති අණුක හේතුවෙන් ලියුකේමියා හි ස්කන්ධ සෛල මර්ධනය වන බව ද ඔවුහු පෙන්වා දෙති.
ලියුකේමියා රෝගය හා සම්බන්ධ ස්කන්ධ සෛල මර්ධනය සඳහා ලෝකයේ දැනට සොයාගෙන ඇත්තේ ඉතාමත් ස්වල්ප ඖෂධ ප්‍රමාණයකි. පර්යේෂකයන් පෙන්වාදෙන්නේ අලිගැටපේර මගින් ලියුකේමියා රෝගින්ගේ ජිවිත අපේක්ෂාව ඉහළ දැමිය හැකි බවයි.
ලියුකේමියාව යනු මාරාන්තික රෝගී තත්ත්වයකි.
සෞඛ්‍ය සම්පන්න අයගේ ඇට මිදුලු වල නිපදවන ස්කන්ධ සෛල වැඩී පසුව රතු රුධිර සෛල, පට්ටිකා සහ සුදු රුධිර සෛල බවට පත්වේ. නමුත් ලියුකේමියා රෝගින්ගේ මෙම ක්‍රියාවලිය නිසි ලෙස සිදුවන්නේ නැත. එමගින් රතු රුධිර සෛල නිපදවිම වෙනුවට අසාමාන්‍ය ලියුකේමියා සෛල නිපදවේ.
මේවා නොමේරු සෛල වන වන බැවින් සාමාන්‍ය රුධිර සෛල ලෙස ක්‍රියා කිරීමට නොහැකි වෙයි.
පර්යේෂකයන් පෙන්වාදෙන්නේ අලිගැටපේර මේදයේ අණුවල ඇති ඇවොකටින් බී මගින් මෙම අහිතකර නැවැත්වීමට හැකියාව ලැබෙන බවයි. එමගින් ස්කන්ධ සෛල සෞඛ්‍ය සම්පන්නව රුධිර සෛල ලෙස වැඩීම සිදුකරයි.පර්යේෂණ ප්‍රධානි ලෙස වෝටර්ලු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පෝල් ස්පැග්නුලෝ ක්‍රියාකරයි
නව ඖෂධය ලියා පදිංචි කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කැර ඇතැයි ද මහාචාර්ය පොල් මහතා විදෙස් මාධ්‍යයට කීවේය. එය දැනටමත් පළමු අදියරේ සායනික අත්හදාබැලිම් සඳහා යොමුකැර ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment