Monday, July 6, 2015
සංගක්කාර විම්බල්ඩන්හි රාජකීය ආසන පෙළේ!!!!!!
ලොව ප‍්‍රමුඛතම ටෙනිස් තරගාවලිය ලෙස සැලකෙන විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ පළමුවැනි සෙනසුරාදාව විශිෂ්ටතම කී‍්‍රඩකයන් ඒකරාශී කෙරෙන සාම්ප‍්‍රදායික අවස්ථාවකි. මේ වසරේ විම්බල්ඩන් ශුරතාවලිය මේ දිනවල පැවැත්වෙන අතර පසුගිය සෙනසුරාදා විම්බල්ඩන්හි රාජකීය ආසන පෙළට කැඳවන ලද විශිෂ්ටතම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අතරට ශී‍්‍ර ලංකාවේ කුමාර් සංගක්කාරද ඇතුළත්ව සිටියේය.
එංගලන්තයේ ලන්ඩන් නුවර විම්බල්ඩන් ටෙනිස් සංකීර්ණය මධ්‍යයේ පිහිටි රාජකීය ආසන පෙළෙහි අසුන්ගත හැක්කේ එංගලන්ත ටෙනිස් සංගම් සභාපතිවරයාගේ විශේෂ ආරාධනා මත පමණි. කුමාර් සංගක්කාරට සහ ඔහුගේ බිරිඳ යෙහාළි සංගක්කාර මහත්මියටද මෙවර විශේෂ ආරාධනා ලැබී තිබිණ.
රග්බි කී‍්‍රඩාවේ විශිෂ්ටයන් වූ වූ බිල් බි්‍යුමවුන්ට්, මැතිව් ඩෝසන්, කි‍්‍රස් රොබ්ෂෝ, බ‍්‍රයන් ඕ’ඩි‍්‍රස්කෝල් සහ ස්ටුවර්ට් ලැන්කැස්ටර්ද බොක්සිං කී‍්‍රඩිකාවක වූ නිකොලා ඇඩම්ස්, මලල කී‍්‍රඩිකාවක වන ජෝ පාවි, ආබාධිත කී‍්‍රඩකයන් වන ඬේවිඞ් වීර්, නීල් ෆැචී සහ ක්‍රෙග් මැක්ලීන්, කි‍්‍රකට් කී‍්‍රඩාවේ සදාතනික වීරයන් වන ඇන්ඩෲ ස්ට්‍රෝස්, ජෙෆ්රි බෝයිකොට්, ජේම්ස් ඇන්ඩසන්, ගොල්ෆ් කී‍්‍රඩකයන් වූ ජස්ටින් රෝස් සහ ලූක් ඩොනල්ඞ්, පාපන්දු කී‍්‍රඩකයන් වූ ගේ‍්‍රඒම් ලී සෝක්ස් සහ ගැරී ලින්කර්, පාපැදි කී‍්‍රඩකයකු වන ජෝ රොස්වෙල්, පිහිනුම් කී‍්‍රඩක මාක් ෆොස්ටර්, ස්කොෂ් කී‍්‍රඩක නික් මැතිව්, ටෙනිස් පිටියේ සදා නොමැකෙන නමක් තැබූ මාටිනා නව්රතිලෝවා සහ බොරිස් බෙකර් මෙන්ම ටෙනිස් කී‍්‍රඩකයන් වන ලියොන් ස්මිත් සහ රෝද පුටු ටෙනිස් කී‍්‍රඩිකා ජෝර්ඞ්න් විලී, ටෙනිස් පුහුණුකාරිනියක මෙන්ම එංගලන්ත ටෙනිස් කී‍්‍රඩක ඇන්ඩි මරේගේ මව ජූඩි මරේ ද මෙම රාජකීය ආසන පෙළෙහි අසුන් ගැනීමට ආරාධනා ලැබ සිටියහ.
කුමාර් සංගක්කාර අසළින් ඔහුගේ බිරිඳ වන යෙහාළි සංගක්කාර මහත්මිය, එංගලන්ත පිලේ හිටපු ආරම්භක පිතිකරු ජෙෆ්රි බෝයිකොට් , පාපන්දු කී‍්‍රඩක ගේ‍්‍රඒම් ලී සෝක්ස් සහ ඔහුගේ බිරිඳ මරීනා, එංගලන්ත පාපන්දු පිලේ හිටපු කී‍්‍රඩක ගැරී ලින්කර් විම්බල්ඩන්හි රාජකීය ආසන පෙළේ අසුන් ගෙන සිටි අයුරු. ඔවුන් මෙසේ අසුන්ගෙන සිටියේ ඕස්ටේ‍්‍රලියාවේ සැමුවෙල් ග්‍රෝත් සහ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් අතර පැවැති විම්බල්ඩන් කේවල තරගාවලියේ තුන්වැනි වටයේ තරගයක් නැරඹීම සඳහාය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment