රට යළි භාරගන්නැයි මේ සියලු දෙනා කරන ඉල්ලීම මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. රට වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් මහා මැතිවරණයට තරග කළ යුතුයැයි කරන ඉල්ලීම මම ඉත සිතින් පිළිගන්නවා. ඒ අනුව මහා මැතිවරණයට තරග කරනවා. යැයි මහින්ද රාජපක්ෂ මහතා අද මැදමුලනේදී රැස්ව සිටි පිරිස අමතමින් පැවසීය.
ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් පසුගිය ජනවාරි 8 වැනිදා ජනපතිවරණ ප්‍රතිඵලවලින් පසුව බොහෝ දෙනා හඬා වැලපුණා. ලිප පත්තු කළෙත් නෑ. එදා අඩකුඹු වුණු ජාතික කොඩිය මේ පොළවේ යළි කෙළින් කර ඔසවන බවත් හිටපු ජනපති කීවේය.
‘මෙම වෙහෙසකර ගමනේදී මා හැරනොගොස් ආශිර්වාදය ආරක්ෂාව දුන් හැමටම මගේ හිස නමනවා. ප්‍රණාමය පුද කරනවා. අප අතින් සිදුවූ අඩුපාඩු නිවැරදි කරගෙන අද මේ ඇසල පෝ දිනයේ නායක සංඝයාවහන්සේලාගේ ආරාධනය පිළිගෙන ඉදිරියට යනවා. ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න පියවර ගන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඇතුළු දේශපාලන පක්ෂවල සහෝදරත්වයෙන් ඉල්ලා සිටිනවා අප සමග එක්වන්න, ඔබගේ සහයෝගය ලබාදන්න කියලා ‘
No comments:
Post a Comment