Tuesday, March 22, 2016
බේලජියමේ බෝම්බ පිපිරීම් වැලක්.. ගුවන් තොටුපලට, දුම්රියපලට දැඩි අලාභ
බෙල්ජියමේ අගනුවර වන බ්‍රසල්ස්හි Zaventem ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මහාපරිමාණ පිපුරුමක් සිදුව ඇති බව විදෙස් වාර්තා උපුටා දක්වයි.
ගුවන්තොටුපළේ පිටවීමේ අංගණය ප්‍රදේශයේ මෙම පිපුරුම සිදුව ඉතා ඉහළට ගිනිදැල් නැඟෙමින් පවතින බවත්, මෙම පිපුරුමෙන් මිය ගිය ගණන මේවන විට 17ක් බවට හඳුනාගෙන ඇති බවත්, තවත් බොහෝ පිරිසකට තුවාල සිදුව ඇති බවත් dailymail.co.uk උපුටා දක්වයි.
ඉකුත් 2015 නොවැම්බරයේ සිදුවූ ප්‍රංශ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සලාහ් අබ්දෙස්ලම් මීට දින 4ට ඉහතදී බ්‍රසල්ස් වලදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
එම සිදුවීමත් මෙම පිපුරුමත් අතර යම් සම්බන්ධයක් ඇත්දැයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන එරට ආරක්ෂක අංශවල අවධානය යොමුවී තිබේ.
මේ අතර බෙල්ජියමේ අගනුවර වන බ්‍රසල්ස්හි මෙට්ට්‍රෝ දුම්රිය ස්ථානයේද තවත් පිපිරීමක් සිදු වී ඇති බව සඳහන්ය.
මෙම පිපිරීම් වලින් 17 දෙනෙක් මිය ගොස් ඇති අතර තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment