නිසි බපත්‍රයක් නොමැතිව අලි පැටියෙකු ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන්
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(09)ප.ව12.30ට
පමණ උන්වහන්සේ වැඩවාසය කරන පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයට පැමිණි අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ කැටුව ගිය බව පන්සලේ ස්වාමින්
වහන්සේ කෙනෙක් අදදෙරණට කියා සිටියේය.
එසේ වුවද මීට පෙරාතුව තමන් අලි ඇල්ලුවේ නැති බවත්,අලි ඇල්ලීම සඳහා කැලේ නොගිය බවත්,අලි විකුණුවේ නැති බවත්,ඒ වෙනුවෙන් ව්‍යාජ ලේඛන හැදුවේ නැති බවත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේය.
එම අලි පැටවා කිසිවෙකු විසින් පන්සල් වත්තට දමා ගොස් සිටියදී තමන් විසින් කරනු ලැබුවේ එම අලි පැටවාට කවා පොවා ආදරයෙන් රැකබලා ගැනීම පමණක් යයි උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

නීති විරෝධි ලෙස අලි පැටවකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබු පුජ්‍ය උඩුවේ
ධම්මාලෝක හිමියන් මාර්තු මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා විසින් මෙම නියෝගය කර තිබේ.
අද පස්වරුවේ උන්වහන්සේ රහස් පොලිස් අත්අඩංගුවට පත්විණ.

No comments:
Post a Comment