Saturday, March 19, 2016
තරුණිය පැහැරගෙන සප්තකන්‍යා ගුහාවේදී දුෂණය කරලා- තිදෙනෙකුගේ දඬුවම මරණයයි
නෝට්න්බ්‍රිජ්, අළුඔය ප්‍රදේශයේදී තරුණියක පැහැරගෙන ගොස් දූෂණය කිරීම සහ පුද්ගල ඝාතනයක් සිදුකීරීම සම්බන්ධයෙන් වූ නඩුවක එකම පවුලේ චූදිතයන් තිදෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.
2009 වසරේ අගෝස්තු මස 03 වන දින එය සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව ඔවුන් නුවරඑළිය මහාධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මොවුන්ට මරණ දඬුවම නියම කර ඇති බව පොලීසිය පැවසීය.
24 හැවිරිදි, 32 හැවිරිද සහ 35 හැවිරිදි එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකුට මෙලෙස නුවරඑළිය මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබේ
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment