Tuesday, March 22, 2016
බේලජියමේ බෝම්බ පිපිරීම් වැලක්.. ගුවන් තොටුපලට, දුම්රියපලට දැඩි අලාභ
බෙල්ජියමේ අගනුවර වන බ්‍රසල්ස්හි Zaventem ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මහාපරිමාණ පිපුරුමක් සිදුව ඇති බව විදෙස් වාර්තා උපුටා දක්වයි.
ගුවන්තොටුපළේ පිටවීමේ අංගණය ප්‍රදේශයේ මෙම පිපුරුම සිදුව ඉතා ඉහළට ගිනිදැල් නැඟෙමින් පවතින බවත්, මෙම පිපුරුමෙන් මිය ගිය ගණන මේවන විට 17ක් බවට හඳුනාගෙන ඇති බවත්, තවත් බොහෝ පිරිසකට තුවාල සිදුව ඇති බවත් dailymail.co.uk උපුටා දක්වයි.
ඉකුත් 2015 නොවැම්බරයේ සිදුවූ ප්‍රංශ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සලාහ් අබ්දෙස්ලම් මීට දින 4ට ඉහතදී බ්‍රසල්ස් වලදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
එම සිදුවීමත් මෙම පිපුරුමත් අතර යම් සම්බන්ධයක් ඇත්දැයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන එරට ආරක්ෂක අංශවල අවධානය යොමුවී තිබේ.
මේ අතර බෙල්ජියමේ අගනුවර වන බ්‍රසල්ස්හි මෙට්ට්‍රෝ දුම්රිය ස්ථානයේද තවත් පිපිරීමක් සිදු වී ඇති බව සඳහන්ය.
මෙම පිපිරීම් වලින් 17 දෙනෙක් මිය ගොස් ඇති අතර තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.
Sunday, March 20, 2016
2015 වසරේ සරාගී නිළිය මෙන්න
ජනප්‍රිය බොලිවුඩ් සිනමා වෙබ් අඩවියක් වන ‘Santa Banta’ වෙබ් අඩවිය පසුගිය දිනක ප්‍රකාශ කළ අන්දමට පසුගිය 2015 වසරේ බොලිවුඩයේ සරාගී නිළිය වන්නේ පරිනීති චොප්රාය.
ඇය මෙම කිරුළට හිමිකම් කීමට සමත්ව ඇත්තේ පසුගිය වසරේ “FHM” දෙසැම්බර් කලාපයට ඇය ලබාදුන් ඡායාරූප බව මෙම වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.
ඉන්පසු නැවතත් මෙමස (මාර්තු) කලාපයට ඇයගේ සරාගී ඡායාරූප කිහිපයක් එක්කොට තිබේ.
2012 වසරේදී බොලිවුඩ් සිනමාවට එක්වූ පරිනීති චොප්රා 2016 වසර වනතෙක් කිසිදු සඟරාවක් විසින් “සරාගී” බොලිවුඩ් නිළි ලැයිස්තුවට ඇතුළත් කරගෙන නැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඇය කාලයක් තිස්සේ බොලිවුඩයේ “සරාගී” නිළි ලැයිස්තුවේ සිටි ප්‍රබල නිළියන් ද අභිභවා මෙවර පළමු තැනට පත්වීම කැපී පෙනෙන සිදුවීමක් වී තිබෙනවා.
ඡායාරූප පහතින්.
Saturday, March 19, 2016
තරුණිය පැහැරගෙන සප්තකන්‍යා ගුහාවේදී දුෂණය කරලා- තිදෙනෙකුගේ දඬුවම මරණයයි
නෝට්න්බ්‍රිජ්, අළුඔය ප්‍රදේශයේදී තරුණියක පැහැරගෙන ගොස් දූෂණය කිරීම සහ පුද්ගල ඝාතනයක් සිදුකීරීම සම්බන්ධයෙන් වූ නඩුවක එකම පවුලේ චූදිතයන් තිදෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.
2009 වසරේ අගෝස්තු මස 03 වන දින එය සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව ඔවුන් නුවරඑළිය මහාධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මොවුන්ට මරණ දඬුවම නියම කර ඇති බව පොලීසිය පැවසීය.
24 හැවිරිදි, 32 හැවිරිද සහ 35 හැවිරිදි එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකුට මෙලෙස නුවරඑළිය මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබේ
Wednesday, March 9, 2016
පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් 17 වන දින දක්වා රිමාන්ඩ්
නිසි බපත්‍රයක් නොමැතිව අලි පැටියෙකු ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන්
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(09)ප.ව12.30ට
පමණ උන්වහන්සේ වැඩවාසය කරන පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයට පැමිණි අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ කැටුව ගිය බව පන්සලේ ස්වාමින්
වහන්සේ කෙනෙක් අදදෙරණට කියා සිටියේය.
එසේ වුවද මීට පෙරාතුව තමන් අලි ඇල්ලුවේ නැති බවත්,අලි ඇල්ලීම සඳහා කැලේ නොගිය බවත්,අලි විකුණුවේ නැති බවත්,ඒ වෙනුවෙන් ව්‍යාජ ලේඛන හැදුවේ නැති බවත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේය.
එම අලි පැටවා කිසිවෙකු විසින් පන්සල් වත්තට දමා ගොස් සිටියදී තමන් විසින් කරනු ලැබුවේ එම අලි පැටවාට කවා පොවා ආදරයෙන් රැකබලා ගැනීම පමණක් යයි උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
එසේ වුවද මීට පෙරාතුව තමන් අලි ඇල්ලුවේ නැති බවත්,අලි ඇල්ලීම සඳහා කැලේ නොගිය බවත්,අලි විකුණුවේ නැති බවත්,ඒ වෙනුවෙන් ව්‍යාජ ලේඛන හැදුවේ නැති බවත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේය.
එම අලි පැටවා කිසිවෙකු විසින් පන්සල් වත්තට දමා ගොස් සිටියදී තමන් විසින් කරනු ලැබුවේ එම අලි පැටවාට කවා පොවා ආදරයෙන් රැකබලා ගැනීම පමණක් යයි උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
නීති විරෝධි ලෙස අලි පැටවකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබු පුජ්‍ය උඩුවේ
ධම්මාලෝක හිමියන් මාර්තු මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා විසින් මෙම නියෝගය කර තිබේ.
අද පස්වරුවේ උන්වහන්සේ රහස් පොලිස් අත්අඩංගුවට පත්විණ.
Tuesday, March 1, 2016
ලියනාඩෝ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබයි
88 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය හොලිවුඩ් නළු leonardo dicaprio විසින් දිනාගෙන තිබෙනවා.ඔහු මේ සම්මානය හිමි කරගත්තේ “රෙවනන්ට්“ සිනමාපටයේ රංඟනය වෙනුවෙනි.මෙවර ඔස්කාර් රසිකයන්,ලියනාඩෝ මෙන්ම එම සම්මානය කෙරෙහි විශාල බලාපොරොත්තු තබා ගෙන සිටියා.මේ වන විට සම්මානය පාත්‍ර වී ඇති ලියෝට අන්තර්ජාලට ඔස්සේ නොමද පැසසුම් ලැබෙනවා.මේ ඔහුගේ පළමු ඔස්කාර් සම්මානයයි.
බීමත්ව රිය පැදවූ තරුණිය පොලීසියට චාටු දැමූ හැටි (වීඩියෝ)
බීමත්ව රිය පැදවූ තරුණියක පොලීසීයට හසුවූ ඉන් අනතුරුව ඇය විසින් පොලිස්
නිලධාරීන්ගෙන් කෙසේ හෝ මගහැර යෑමට උත්සහ කරන වීඩියෝවක් මේ වන විට
අන්තර්ජාලය පුරා සැරිසරමින් තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න.
එම වීඩියෝව පහතින් නරඹන්න.
සිරුරේ රහස් පැති වලට සුරූපිණියන් දෙන වටිනාකම් (වීඩියෝ)
සමහර පුද්ගලයින්ගේ ශරීර කොටස් ඩොලර් මිලියන ගණන්වලට රක්ෂණය කරලා තියෙනවා කිව්වොත් ඔබට පුදුම හිතේවි.
ඒ විදිහට තමන්ගේ රහස් ප්‍රදේශ වගේම වෙනත් ශරීර කොටස් රක්ෂණය කරපු පිරිසක් ගැන අපිට දැනගන්න ලැබුණා.
එම වීඩියෝව පහතින් නරඹන්න.
ඒ විදිහට තමන්ගේ රහස් ප්‍රදේශ වගේම වෙනත් ශරීර කොටස් රක්ෂණය කරපු පිරිසක් ගැන අපිට දැනගන්න ලැබුණා.
එම වීඩියෝව පහතින් නරඹන්න.
Subscribe to:
Comments (Atom)