Sunday, January 17, 2016
දහවල් නින්ද භයානකයි
එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් සිදු කල පරීක්ෂණයක ප්‍රථිපල වලට අනුව දිවා කාලයේ දී ලබන කෙටිනින්ද, මැදි වයසේ සහ වැඩිමහළු පුද්ගලයන් ගේ මරණය ඉක්මන් කිරීමට හේතු වන බව නිගමනය කර ඇත.වසංගත අධ්‍යයනය සඳහා වන ඇමරිකානු සඟරාවෙහි (American Journal of Epidemiology) මැයි මස කලාපයේ මෙම නව නිගමනය පල කර ඇත.
මෙම පරීක්ෂණය අනුව වයස අව්රුදු 40-79 අතර දිනකට පැයකට අඩු කාලයක් දවල් වරුවේ නිදාගන්නා පුද්ගලයන් වසර 13 ක කාල පරාසයක් තුල එසේ නොවන පුද්ගලයන් ට වඩා මරණයට පත්වීමට සියයට 14% ක වැඩි සම්භාවිතාවයක් පවතී.එසේම කෙටි දිවා නින්දේකාලය දිගු වන තරමට බලපෑම වැඩිවී ඇති බව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව දිනකට පැය 1 කට වඩා දිගු කාලයක් දිවාකාලයේ නිදා ගන්නා පුද්ගලයන් එසේ දිවා කාලයේ නිදාගන්නා පුද්ගලයන්ට වඩා පරීක්ෂණ කාලය තුල මියයාමට 32% ක වැඩි අවස්ථාවක් ඇති බව පෙනී ගොස් ඇත.
මෙම පිරීක්ෂණයේ දී පුද්ගලයන් ගේ මරණයන්ට හේතු විය හැකි විවිධ තත්වයන් ද සලකා බලා ඇත. වයස, ස්ත්‍රී පුරුෂ භාවය,උස අනුව බර අනුපාතය,දුම්බීවේද යන බව, ව්‍යායාම ලැබූ ප්‍රමාණයන්,වෙනත් රෝගී තත්වයන්ද සලකා බලා ඇත.
විශේෂයෙන් කෙටි නින්ද ශ්වසන රෝග සමග ඇතිවූ මරණ සමග සම්බන්දතාවයක් දක්වා ඇත.එසේම පරීක්ෂණයට ලක් කල කණ්ඩායමේ වයස අඩු කොටස වන අවරුදු 40-65 අතර පිරිසෙහි කෙටි නින්ද සහ ඉක්මන් මරණය අතර සබඳතාවයක් හමුවී ඇත. ඒ අනුව එම වයස් කාණ්ඩය තුල පුද්ගලයින් අතරින් කෙටි නින්ද ලබන අය එසේ නොවන අය මෙන් දෙගුනයක සම්භාවිතාවයෙන් නිරීක්ෂන කාලය වන වසර 13 තුල මරණයට ලක්වී ඇත.
මෙම කෙටිනින්ද සහ මරණය ඉක්මන් වීම අතර සබඳතාවයට හේතුව තවමත් පැහැදිලි වී නැතැයි පරීක්ෂණ කණ්ඩායම පවසයි. ඇතැම් විට එබඳු දහවල් කෙටි නින්ද ලබන පුද්ගලයන් තමා හඳුනා නොගත් රෝග තත්ව වලින් පෙලීම නිසා එම කෙටි නින්ද වෙත යොමු වනවා වීමටද පුළුවන් බවයි ඔව්න්ගේ මතය.
මේ සම්බන්දව නිස්චිත හේතුවක් ඉදිරිපත් කිරීමට නම් තවත් පරීක්ෂණ පැවැත්විය යුතු බව පරීක්ෂණ කණ්ඩායම සඳහන් කරයි.
මෙම පරීක්ෂණය එංගලන්තය පුරා පුද්ගලයින් 16000 ක් ඔව්න්ගේ කෙටි නින්ද සම්බන්දව ඉදිරපත් කරන ලද ප්‍රශ්න වැලකට පිලිතුරු දීම මගින් සිදුවූ අතර 1998-2000 වසර තුල සිදුකල මෙම මූලික දත්ත එක් රැස් කිරීමෙන් අනතුරුව වසර 13 ක් පුරා ඔව්න්ගේ තත්වය නිරීක්ෂණය කරන ලදී.
කෙසේ වෙතත් ඇතැම් පරීක්ෂණ කණ්ඩායම් විසින් මීට පෙර ඉදිරිපත් කර ඇති මතය වන්නේ මිනිත්තු 30 කට අඩු කෙටි නින්ද මනුෂ්‍යයන්ට උපකාරී බවයි. කෙසේ වෙතත් මෙම පරීක්ෂනයේ දී මිනිත්තු 30 කට අඩු නින්ද ගැන නිරීක්ෂණය කර නොමැත.භාධාකාරී නින්ද (Sleep apena) නොහොත් නින්ද අතර හුස්ම කඩින් කඩ නැවතීමේ තත්වය ද මෙලෙස දිවා කාලියේ නිදිමත ඇතිවීමට හේතුවක් වන බව හඳුනාගෙන ඇත. ඒ සේම එබඳු තත්වයක් වසර ගණනාවක් තුලදී නිසැක ලෙසම ඉක්මන් මරණයට ඇති අවස්ථා වැඩි කරවයි.කෙසේ වෙතත් මෙම පරීක්ෂණය තුලින් සෘජුවම මෙම පුද්ගලයන්ට භාධාකාරී නින්දක් පැවතියේ දැයි කිව නොහැකි නමුත් පරීක්ෂණයට ලක්වූ පුද්ගලයන් අතරින් වැඩි “උසට බර අනුපාතයක්“ සහ අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර ගන්නා පුද්ගලයන්ට මෙබඳු නින්දේ ගැටළු කාරී තත්වයන් ඇතැයි පරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කරයි.ඒ අනුව ඉදිරි පරීක්ෂණ වලදී, නින්දේ දී ඇතිවන හුස්ම ගැනිමේ අපහසුතා පිලිබඳ වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර, දිනපතා දිවා කාලයේ ගන්නා කෙටි නින්දපුද්ගලයන්ගේ ශාරීරික ගැටළු සමග සම්බන්දතාවයක් ඇත්දැයි සෙවිය යුතු බව පරීක්ෂකයන් වැඩි දුරටත් පවසයි.
බැරැක් ඔබාමාගේ සාක්කුවේ බුදුපිළිමයක්
අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සිය කළිසම් සාක්කුව තුළ රැගෙන යන දෑ පිළිබඳව හෙළිදරව්වක් කර තිබෙනවා.
රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී මෙම හෙළිදරව්ව සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිය දේශපාලන දිවිය තුළ විවිධ පුද්ගලයින් විසින් තමාට ලබාදුන් තෑගී මෙලෙස රැගෙන යන බව බැරැක් ඔබාමා ප්‍රකාශ කර තිබෙනවා.
එම සම්මුඛ සාකච්ඡාවේ දී සිය කළිසම් සාක්කුවෙන් අදාළ දෑ පිටතට ගනිමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රදර්ශනය කරනු ලැබුවා.ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් පිළිගන්වනු ලබන කිතුණු නව ගුණ වැලක්, බෞද්ධ භික්ෂු වහන්සේ නමක් විසින් ලබාදුන් කුඩා බුදු පිළිමයක්, කාන්තාවක් විසින් ලබාදුන් හනුමාන් දේවරූපයක් සහ ඉතියෝපියාවේ සංචාරයකදී ලැබුණු කුරුසයක් ද ඒ අතර දක්නට ලැබුණා.
තමන්ට මුණගැසුණු පුද්ගලයින් සහ තමාට ලැබුණු දේවල මතකයේ තබා ගැනීම පිණිස මෙලෙස ඒවා කළිසම් සාක්කුවේ රැගෙන යාම සිදුකරන බවයි අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ.
Wednesday, January 6, 2016
2015දී මුළු ලොවේම අවධානය යොමුවූ දුර්ලභ ඡායා රූප එකතුවක්!
2015 වසරේදී ලොවපුරා ජනතාවගේ වඩාත් අවධානයට ලක්වූ සිද්ධීන් ගණන අපමණය. සතුට
ප්‍රීතිය දනවන පුවත් මෙන්ම දුක වේදනාව දනවන පුවත්ද ඒ අතර ඕනෑ තරම්ය. මේ
වසරේදී එනම් 2015 වසරේ ලොවපුරා ජනයාගේ වඩාත් අවධානයට ලක්වූ ඡායා රූප පෙළක්
පහත පරිදි ය.
ඉෂිතා (දිව්‍යාන්කා ත‍්‍රීපති) උඩරට මනාලියක්වෙයි (ඡායාරූප)
ඉන්දියාවේ මෙන්ම ශ‍්‍රි ලංකාවේ ද රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත් ඉෂිතා හෙවත් දිව්‍යාන්කා ත‍්‍රීපති ඊයේ (04)ලංකාවට පැමිණියා.ඒ උඩරට මනාලියක් ලෙස හැඩ වීමටයි. ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයේදී ඇය මෙලෙස උඩරට මනාලියක් ලෙස හැඩ වුණා. ඉෂිතා හෙවත් දිව්‍යාන්කා ත‍්‍රීපතිගේ ඡායාරුප කිහිපයක් පහතින්
Tuesday, January 5, 2016
ලෝකයේ ලොකුම නිල් මැණික ලංකාවෙන් හමුවෙලා (වීඩියෝ)
ලෝකේ තියෙන ලොකුම නිල් මැණික හම්බවෙලා තියෙන්නේ ලංකාවෙන් කියලා ඔයාලා දැනගෙන හිටියද?
විදේශීය මැණික් විශේෂඥයෝ කියන විදියට මේ මැණික අමෙරිකන් ඩොලර් මිලියන සීයකට වඩා වටිනවලූ. මේ මැණිකේ බර කැරට් 1404.49කි.
ඒක මැණික හම්බවෙලා තියෙන්නෙත් මැණික් පුරය ලෙස සැලකෙන රත්නපුරයෙන්ම තමයි.
මේ විශාල නිල් මැණික “ආදම් ගේ තාරකාව’ කියලා නමකුත් දාලා.
මේ මැණිකේ වර්තමාන අයිතිකරු කියනවලූ මැණික විකුණූ පුද්ගලයාවත් තමාවත් මෙය ලෝකයේ විශාලම නිල් මැණික කියලා දැනගෙන හිටියේ නෑ කියලා.කොහොම හරි ලෝකේ විශාලම නිල් මැණික තමා මේක.
විදේශීය මැණික් විශේෂඥයෝ කියන විදියට මේ මැණික අමෙරිකන් ඩොලර් මිලියන සීයකට වඩා වටිනවලූ. මේ මැණිකේ බර කැරට් 1404.49කි.
ඒක මැණික හම්බවෙලා තියෙන්නෙත් මැණික් පුරය ලෙස සැලකෙන රත්නපුරයෙන්ම තමයි.
මේ විශාල නිල් මැණික “ආදම් ගේ තාරකාව’ කියලා නමකුත් දාලා.
මේ මැණිකේ වර්තමාන අයිතිකරු කියනවලූ මැණික විකුණූ පුද්ගලයාවත් තමාවත් මෙය ලෝකයේ විශාලම නිල් මැණික කියලා දැනගෙන හිටියේ නෑ කියලා.කොහොම හරි ලෝකේ විශාලම නිල් මැණික තමා මේක.
Subscribe to:
Comments (Atom)