Saturday, May 23, 2015

කප්පම් ඉල්ලා නයිජීරියාවේදී ලාංකිකයෙක් පැහැරගනියි

නයිජීරියාවේදී පැහැරගනු ලැබූ ශ්‍රී ලාංකිකයෙකු මුදාහැරීම සඳහා පැහැරගත්තවුන් විසින් විශාල කප්පම් මුදලක් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ මුදල කොපමණදැයි නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්කර නැති වුවත් ඔහු මුදාහැරීමට නම් එය ගෙවිය යුතුව ඇති බව දැනුම්දී තිබේ. නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුනාගෙන ඇති පරිදි මෙම ශ්‍රී ලාංකිකයා,ඉතාලියානු ඉදිකිරීම් සමාගමක සේවය කරනු ලැබූ කරුණාරත්න නම් අයෙකි. වසර 10 ට වැඩි කාලයක් තිස්සේ නයිජීරියාවේ ජීවත්ව ඇති මොහු පසුගියදා එහි ඔන්ඩෝ සහ කෝගි ප්‍රාන්ත සීමාවේදී පැහැරගැනීමට ලක්ව ඇතැයි සඳහන්ය. කරුණාරත්න නමැති මෙම ශ්‍රී ලාංකිකයාගේ රියදුරු ලෙස සේවය කළ බ්‍රිට්‍රස් ඩැඩා නමැති තැනැත්තා ද කප්පම්කරුවන්ගේ ප්‍රහාරයට ලක්ව දැඩි තුවාල සහිතව

ඔන්ඩෝ ප්‍රාන්තයේ ඔවෝ ප්‍රදේශයේ මධ්‍යම වෛද්‍ය මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් මේවන විට ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වේ. තානාපති කාර්යාලයේ නිල තොරතුරු වලට අනුව කප්පම්කරුවන් ශ්‍රී ලාංකිකයාගේ පවුලේ උදවියට දුරකථන ඇමතුමක් ලබාදී විශාල මුදලක් කප්පම් ලෙස ඉල්ලා තිබේ. මේවන විට කප්පම්කරුවන්ගේ බාරයේ සිටින ශ්‍රී ලාංකිකයා කායික වශයෙන් සුවසේ සිටින නමුදු මානසික වශයෙන් ආතතියෙන් පෙළෙන බවද තානාපති කාර්යාලය SaharaReporters මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

No comments:

Post a Comment